Showing posts with label ඇයි. Show all posts
Showing posts with label ඇයි. Show all posts

Monday, June 4, 2012

උඹලාගේ කඩේ සම්බෝල

ඇය හෙල බස හසුරන්නේ නුහුරටය, පාසැලේදී මා ඇසුරු කරන එකම තැනැත්තිය වූ ඇය ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි බස හසිරුවාය. ඇතැම් විට ඇයගේ කතාව මට කරදරයක්ද විය.

දිනක් දිවා අහාර වෙලාවේදී ඇය චතුර ලෙස ඉංග්‍රීසි බසින් මා හා රස කතාවක් කීවාය.

මම පුංචි කාලේ අපේ අල්ලපු ගෙදර සිංහල කඩයක් තිබුනා, දවසක් අම්මා මාව කඩේට යැව්වා බඩු වගයක් ගේන්න, මම කඩේට ගිහින් ඇහුවා උඹලාගේ කඩේ සම්බෝල තියෙනවාද කියලා, කඩේ කෙනා ආයි ආයි අහද්දි මම ඒකම ඇහුවා. අත්තිමට අම්මා එක්ක මට ආයිත් එන්න කිව්වා, එයාලා අම්මාගෙන් ඇහුවා ඇයි මේ ළමයා මෙහෙම අහන්නේ කියලා. ඊට පස්සෙයි අම්මා කිව්වේ මට ගේන්න කිව්වේ උම්බලකඩ සම්බෝල කියලා

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, May 16, 2011

ඔබ ආදරේ කරන්නේ ඇයි..

මාතෘකාව ----->      ඔබ ආදරේ කරන්නේ ඇයි???

අන්තර්ගතය-------->

ශ්‍රී ලාංකීය බුද්ධිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??


  1. විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.
  2. කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.
  3. facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න
  4. film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා
  5. classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.
  6. ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා
  7. රති සුව විදින්න <චී>  (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)
  8. වෙනත් (උඹලට උඹලිලට ඕන දෙයක් කොටන්ට.

**"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක්...
විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම්
දූරීම්භූත වේවා යයි පතමි..."**

ලියා එව්වේ - යසියා (http://yasiwett.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...