Showing posts with label ව්‍යාපාර. Show all posts
Showing posts with label ව්‍යාපාර. Show all posts

Wednesday, August 10, 2011

ආ... ඒව එදාට විතරයි

ඔන්න එකමත් එක රටක හිටිය සුනිලුයි කමලුයි කියල යාළුවෝ දෙන්නෙනෙක්.

දෙන්න ගජ යාළුවො. දෙන්නගෙම රස්සාවල් වුණත් හවුලෙ තමයි වුණේ.

ඔන්න ඉතිං ඔය හවුල් අවුලක් නිසා දෙන්න තරහ වුණා. එදා ඉඳන් දෙන්න මූණවත් බැළුවෙ නෑ සෑහෙන්න කාලෙකින්.

පහුගිය සිංහල අවුරුද්දට දෙන්න ආයෙමත් බදාගෙන වැළඳගෙන යාළු වුණා. අවුරුදු දවස් දෙකේම හොඳට බිව්වා.

අවුරුද්ද පහු වුණා විතරයි මෙන්න දෙන්න ආයෙත් තරහ වෙලා.

කමල්‍ සුනිල්ට ආපු බිස්නස් එකක් හිමීට උස්සලා. ඒකට ආයෙත් දෙන්න තරහ වෙලා.

ඕක ගැන පැත්තක හිටපු අමල් ඇහුව කමල්ගෙන්.

අයියෝ... අවුරුද්දට ඉතිං තරහ මරහ තියාගන්න හොඳ නෑනේ මල්ලි... ඒ වුණාට අවුරුද්දෙන් පස්සෙ ආයෙත් බිස්නස් කරන්න එපැයි.

කමල් ඇඟට පතට නොදැනී කිව්වා.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...