Showing posts with label ටයි එක. Show all posts
Showing posts with label ටයි එක. Show all posts

Saturday, December 11, 2010

ටයි ගැටය

කෝ ලැහැත්තිද..?
අරෙහේ මනමාලි එනවලු.., අනේ මන්දා කෝ එන්න බලන්න අඩුපාඩු..,

චක්කේ.., මොකද්ද මේ ටයි ගැටේට කොරන් තියෙන්නේ..,

ඇයි මොකැයි අවුල...?

ඕක වැරදියි නෙව සුදු පුතේ..?

ඉන්න මං හදාගඤ්ඤංකෝ
මේ උඹේ ආලවට්ටං බලන්න වෙලාවක් නැහැ..,

මේ හාමිනේ එන්ට කියන්ට පියසේකර මහත්තයාට..,

මොකේ ඒ පාර සුමනේ..,

අනේ සේකර මහත්තෙයා තරහා නැතිව මේ කොල්ලගේ ටයිඑක හදන්ඩ..!

එන්න මේ ඇඳේ ඇලවෙන්ඩකෝ..!

ඈ..? ඒ මොකේ..,

ටයි එක දාන්ඩ වෙන මොකොටද..?

හා...,

හරි..! දැම් බලන්ඩකෝ කණ්නඩියෙන්..!

මේ මහත්තෙයාට බොහෝම පිං

මහත්තෙයා.. මේ.. පොඩි බඩ්ඩක්..?

ඔව්..., ඇයි..?

මාව ඇයි ඇඳේ ඇලකොරවලා ටයිඑක දැම්මේ...?

හා.., ඒ මගේ රස්සවනේ පුතා...!
මම කරන්නේ ජයරත්නේ මිනී වලට ඇඳුම් අන්දවන එක...!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...