Showing posts with label බසය. Show all posts
Showing posts with label බසය. Show all posts

Friday, February 24, 2012

හෙළුවැලි බසය

සැරසිලි මුකුත් නැති හෙළුවැලි බසය
සීත ඉල්ලා අනුන්ගෙන්
තබාගෙන එකපෙළට අසුන් සීයක්
දෙපේලියකට යාන්තමින් දෙකකුලින්
සිටගන්න ඉඩ ඇති

සිටියෝය පිළිම
ගැහැනු ඇදුමින්
පිරිමි ඇදුමින්
සෑම අසුනකම තිදෙනක් බැගින්

සෙනග දෙබෑ කරමින්
ඇවිදින රඟ ඒ සර්කස්කරු
විටෙක වයරයක බයිසිකලයෙන් යන
තවත් විට මකර කටකට අතදමන

කැමති සිහිනයක් බලනු හැකි
අනුන් උර මතද නිදනු යහපති
වීදුරු නම් හරිම දුක්බර

ඩුම් ඩුම් හඬින් දෝංකාරයකි
එවර නිහාල් නෙල්සන
සිහිනයෙන් පිළිම අවදිකර
හොඳම අවවාද දෙන
පිළිම තනි කැමැත්තට
අත් ඔසවා දෙපැත්තට වැනෙන රඟ
බලනු මඟියනි වෙනත් බස්වල

හෙළුවැලි බසයකි මේ පිම්මේ දුවන
නාටකීය සිහිනයෙන් මා ගලවන්න
විසි කරන්න සර්කසාණෙනි
අර ලොකු නා ගස අසබඩින් මාව


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Related Posts Plugin for WordPress, Blogger...