Showing posts with label මව. Show all posts
Showing posts with label මව. Show all posts

Monday, November 22, 2010

පැතිරීම......

විදේශ ගතව ‍රැකියාව කරන පුතු මවට දුරකථනයෙන් අමතයි.

පුතා:- අම්මා මට [හිස්තැනක්] හැදුනා.

මව:- (මොහොතක් කල්පනා කර)
අනේ පුතේ ගෙදරනම් එන්න එපා.

පුතා:- ඒ මොකෝ අම්මේ.

මව:- එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ.

පුතා:- ඒ කියන්නේ.

මව:- (නැවතත් කල්පනා කර)... උඹ ගෙදර ආවොත් ඕක උඹේ ගැනිටත් බෝ වෙයි. ගැනිගෙන් උඹේ මල්ලිට, මල්ලිගෙන් ගෙදර වැඩකාරිට, ඒකිගෙන් බොගේ තාත්තට, බොගේ තාත්තගෙන් මගේ නංගිට. මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට. උගෙන් මට. මගෙන් වත්තේ වැඩ කරන කොලුවට. උගෙන් උඹගේ නංගිට. අපෝයියි..... උඹේ නංගිට ඕක හැදුනා කියන්නේ. මුලු ගමටම හැදුනා වගේ තමයි......

ඒ නිසා මගේ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උඹ ඔහේටම වෙලා හිටපන්. ගෙදරනම් එන්න එපා.........

ලියා එව්වේ - හසිත මදුශංක

Related Posts Plugin for WordPress, Blogger...