Showing posts with label අප. Show all posts
Showing posts with label අප. Show all posts

Tuesday, February 15, 2011

රථය

මම හිරිවැටුණු සීතලේ දුවමින් හිටියේ රථය අල්ලාගන්න. අවුරුදු දහයක් තිස්සේ දැකපු රූපයක් වෙනස් විදිහට පෙනෙන්න අරන්. පටන් ගැනීමම වියෝගයක ලකුණු. අසාමාන්‍යය මිත්‍රත්වයක් ප්‍රේමයක් බවට පරිවර්තනය වීමක්. උත්ප්‍රේරකය "මියයමින් පවතින ප්‍රේමයක්" වීම ම තමයි අහම්බය.

දුම් දමාගත් වාහනය අපට සමීප වුණා. අප ය කියා කීවෙ ඒ වෙද්දි ඔහු සමීපයටම ඇවිත් හිටිය නිසා. වසර දහයක් තුල නොවුණු විදිහට අත්-හිත් පැටළුණා. පුංචි කාර්යාල කාමරේදි පළමු සිප ගැනීම. ප්‍රේමයට ඊට වඩා දුර ගමනක් තියෙන්න පුළුවන්ද? හීතලට ගල්වුණු සර්වාංගය ගිනි තබමින් ඔහු වචන එකතු කලා. "නවතිමු අමා". මං දුවගෙන ගිහින් දුම් දමන වාහනය උඩින් හිත තිබ්බ. ඒක ගිනි ගනිමින්, ආයෙ නම් සිසිලන කාරක එපා එපාමයි!

ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...