මහසෙනගක් රැස්වෙලා. නඩුවක්.. කාගෙද? පහුගිය දිනක නගරේ මරලා දාලා තිබුණු නගරාධිපතිතුමාගේ මිනීමරුවා අහුවෙලා. අලුත් නගරාධිපති නඩුව අහනවා. මහා සෙනගක් බලන් ඉන්නවා.
නගරාධිපති - උඹලම නේද හිටපු නගරාධිපති තුමාව පත්කරේ. මට මතකයි තෝ අන්තිම දවසේ එතුමා කරතියාගෙනත් ගියා අපේ එකා දින්නා කිය කිය.. බොරුද මම කියන්නේ.
මිනීමරුවා: ඇත්ත.. මම ඌ කරතියාගෙන ගියේ අපි වගේ මිනිස්සුන් වෙනුවෙන්...
නගරාධිපති: එතකොට එහෙම පත්කරපු එතුමා මරලා දැම්මේ මොකටද?
මිනීමරුවා: ...ඒත් මිනිස්සු වෙනුවෙන්
නගරාධිපති: එහෙමද?.. ආරක්ෂකයනි මුට ප්‍රසිද්ධියේ වෙඩි තියන්න අණ කරනවා
මිනීමරුවා - හ්ම්ම්.. අපි මැරුණේ ටික කාලෙකට කලින්.. දැන් වෙඩි තියපල්ලා.. ඒත් හිටපු නගරාධිපතියා අපිට වෙඩි තිව්වේ කලින්.. දැන් මැරෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ අපිට
ලියා එව්වේ - Janaranga Dewasurendra (http://www.hearttoheartsrilanka.blogspot.com/)