Showing posts with label මුදල්. Show all posts
Showing posts with label මුදල්. Show all posts

Monday, August 20, 2012

සීයා

දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.

දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි මුහුද දෙසට හැරී එදෙස බලා සිටියෙමි.

එක් තත්පරයකට මාගේ දෑස් හිඟන සීයා ලඟ නතර විය. එම සීයා තම කදුඵු පිස දමමින් හඬනායුරු දුටුවෙමි. මා කොල්ලුපිටිය දුම්රියපොලෙන් බසින්නට පෙර අතේ තිබුණු සොච්චම ඔහු අතට දී ඔහු දිහා නොබලාම බැස ගියෙමි.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

Friday, December 23, 2011

සිරිපාල මුදලාලි

සිරිපාලයා රස්සාවක් නැතිව ගමේ රස්තියාදු ගහපු එකෙක්.

ගමේ අයගෙ වතුවල පොල් කඩලා හම්බවෙන මුදලෙන් හවසට කසිප්පු වඩියක් ගහල බීඩියකුත් පත්තු කරගෙන ගම පුරා ගිය එකා.

පස්සෙ ටවුමට ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳල ආවා.

දියුණු වෙන්න මිනිහ කලේ ගමේ මිනිස්සුන්ව කොටවපු එක. වගාව ගැන එක එකාට ගතු කියලා.

ගුණේරිස් තමයි මුලින්ම විල්සන්ගෙ කුඹුරට හරක් යවල ඒක පාළු කළේ. ඊට පස්සෙ විල්සන් ගුණේරිස්ගෙ කුඹුර පාළු කලා. ඒකෙන් පටන් ගත්තු රණ්ඩුවෙන් මුළු ගමේම කුඹුරු ටික විනාස වුණා. එකාට එකා පෙන්නන්න බැරිවුණා.

ඔන්න ඊට පස්සෙ සිරිපාලය දැම්ම හාල් කඩයක්.

මිනිස්සුන්ටත් විකල්පයක් නැති නිසා සිරිපාලගෙ හාල් අරන් කෑවා.

දැන් ඌ සිරිපාල මුදලාලි. ලොකු බඩකුයි හිනාවකුයි එක්ක.



ලියා එව්වේ - hare :-) 

 

Tuesday, July 19, 2011

පැරණි රසංගයක් - නැවත ප්‍රචාරයක්

මහේස්ත්‍රාත් තුමා :- මේ විත්තිකාර ගැට කපන්නා, යුෂ්මතියගේ පසුම්බිය සොරා ගත්තා යැය් කියන අවස්තාවෙ පසුම්බිය තිබුනෙ කොහෙද?
පැමිණිලි කාරිය :- මගේ හැට්ටෙ ඇතුලේ, ලැම පෙදෙසෙ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- විත්තිකරු හැට්ටය තුලට අත දමන විට යුෂ්මතියට ඒ බව දැනුනෙ නැද්ද?
පැමිණිලි කාරිය :- අපොය් ඔව් ස්වාමීනී, හොඳට දැනුනා
මහේස්ත්‍රාත් තුමා :- මේ කියන අවස්තාවෙ යුෂ්මතිය කෑ ගැසීමෙන් හෝ වෙනයම් ආකාරයකින් බසයේ සිටි අනෙක් මගීන්ගෙ උපකාර ඉල්ලා හිටියද?
පැමිණිලි කාරිය :- (ලැජජාවෙන් ඇඹරෙමින්) අපෝ නැහැ ස්වාමීනී
මහේස්ත්‍රාත් තුමා :- යුෂ්මතිය, උපකාර නොඉල්ලීමට හේතුවක් තියෙනවද?
පැමිණිලි කාරිය :- (කේන්තියෙන්) මං හිතුවෙ නැහැ ස්වාමීනී මේ වේ## පුතා මගේ පර්ස් එකට විදින්න යනව කියල

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

Sunday, June 12, 2011

හිඟන සීයා

හැමදාමත් පාර අද්දර තැපැල් කන්තෝරුව අසල වාඩි වී සිටිනා හිඟන සීයා දක්නට නොසිටියේය. සති කීපයක් එය ඔහුගේ නවාතැන විය. ටිකක් විපරමින් වට පිට බැලුවෙමි. හොඳින් ඇඳ පැළඳ ගත් දෙදෙනකු ඔහු ද රැගෙන දුම්රියපළ වෙත යනු දුටුවෙමි. මට දුකක් දැනුණි.

මම හැමදාමත් කොච්චියෙන් බැස එන විට කීයක් හෝ මුදලක් ඔහු අතට දී ඒමට පුරුදු වී සිටියෙමි. එය ගත් ඔහු "දුවට දෙවි පිහිටයි" කියා ආශීර්වාද කළේය. මා අත මුදල් නැතිදාට සිනහවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළෙමි.

"අර මෙතන හිටපු හිඟන මිනිහාගේ පුතා ඒ මනුස්සයාව ගෙදර එක්කං ගියා." එතැන සිටි මිනිසකු කියනා හඬ මට ඇසුණි.

ඔහු යන දෙස බලා සිටි මට විශාල සතුටක් දැනුණි.

ලියා එව්වේ - තරුනිසළයි (http://tharunisalai.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...