Showing posts with label ගණිකාව. Show all posts
Showing posts with label ගණිකාව. Show all posts

Sunday, April 10, 2011

යන ගමන් දොර වහගෙන යන්න...

තමුසෙ කොහොමද ඕයි මට ආදරේ කරන්නේ.. 
ඇය සිය තිසරපට සකස්කරමින් සිටියාය. එලිවීමට තව පැයක් හෝ දෙකක් ඇත.
තමුසේ මහ පුදුම ගෑනියෙක්නෙ.. තමුසෙ මට ආදරේ කරන එකට මම තමුසෙට ඇතිවෙන්න ගෙවනවා. සල්ලි අතට හම්බවුන ගමන් ඒ ආදරේ තමුසෙගෙන් අතුගෑවිලා යන්න ඕනි. තමුසෙලාගේ ආදරේ තියෙන්න පුළුවන් පැය ගාණකට විතරයි..
එහෙනම් ඇයි දෙයියනේ එක දිගටම මාසයක් සතිය ගානේ මම ලඟට ආවේ.. 
ඇය සිය හැට්ටයේ මාරුවී දමා තිබුන බොත්තම් නැවත ගලවා නිවැරදි ලෙස කාසවලට දමමින් සිටියාය..
තමුසෙ ලස්සනයි. එකම හේතුව එච්චරයි. මම හිතුවේ නෑ තමුසෙ මෙහෙම මගුලක් නටන්න ගනී කියලා.. 
ඇය හිස් බැල්මකින් ජනේලයෙන් එලිය බලාගෙන සිටියාය..
මම යනවා... 
යන ගමන් දොර වහගෙන යන්න...
ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Saturday, January 22, 2011

අසරණී...

ඔයාට හොඳටම උණනේ

උදේ ඉඳන්ම තිබුණා

ඇයි ඉතින් ආවේ

ඇය නිරුත්තරය

ඇඳේ ඇලවී උළු ගැන්නෙමි...

ඔයා පටන් ගන්නෙ නැද්ද?

මොකක්ද?

ඇයි අද ආවේ

නිවාඩු දවසනේ

ඉතින්,

ඔයාට උණනේ

පැනඩොල් දෙකක් බීල ආවේ, උණ බහී..

ඇගේ ජීවිත කතාව මිමිණුවාය...

ඌ මාව වික්කෙ 15000 කට, මම වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා, මුන් මාව අතින් අත මාරු කරනවා

මම යනවා, ඔයා ඕකට බෙහෙත් ගන්න...

ඔයා ඉන්න මට දන් හොඳයි, සල්ලි ගෙවලනෙ ආවේ අපරාදේ..

සල්ලි? මම ප්‍රතිරාව කළෙමි,

ඉන්න මම වොශ් එකක් දාගෙන එන්නම්

තෘප්තිමත් අවසානයක, අවසානයේ ඈ මට තුරුල්වී සිටියාය,

ආපු තුන් පාරම මාවම ඉල්ලුවේ ඇයි?

ඇඳුම් ටික දාගෙන එලියට බැස්සේ පෙට්ටිකඩය දෙස බලාගෙනමය....



ලියා එව්වේ - සටපික්වලයා

Related Posts Plugin for WordPress, Blogger...