Showing posts with label උද්දච්චකම. Show all posts
Showing posts with label උද්දච්චකම. Show all posts

Friday, May 18, 2012

උද්දච්චකම

නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි.

"අමතන්න අමතන්න.."

"ඔව් අමතනවා අමතනවා.."

"කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්"

"අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න."

"ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න."

"මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න."

"මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න."

"උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි."

"මොන මගුලකටද මම ඔහෙගෙ උපදෙස් පිළිපදින්නෙ. කිව්වම තේරුම් ගන්නවා. මේක යුධ නැවක්. අපි යුද්දෙටයි යන්නෙ. අපිට හරස් වෙන්න කාටවත් බෑ. ඔය කෙහෙල්මල් නැව හරව ගන්නවා. "

"මේක නැවක් නෙවෙයි. ප්‍රදීපාගාරයක්"

"ඌප්ස්"

දඩෝං..

ලියා එව්වේ : පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...