ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.
'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'
ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.
'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'
බිග්
මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා
ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත් විශේෂ පොලිස් බලකායටද ගුටි
වර්ෂාවකින් පිලිතුරු ලැබිණි.

'අම්මෝ'
තඩි පොල්ලක් තම හිස මතට පතිත වීම පමණක් ජිතේන්ද්‍රට මතකය.
පාසල් දෙකක බිග් මැචය මීට වසර තිහකට පෙර එසේ නිමා විය.
'සර් අපි වොශ් කරමුනේ.'
ජෝන්, ජිතේන්ද්‍රගේ කඩා වැටෙන අත පයද සීරුවෙන් තබා තම දෑතින්ම ඔහු ඔසවාගෙන නාන කාමරය දෙසට ඇදුනේය.
ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)