“මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව...
“කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..
“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..
කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...
“මදාරා...“
“හ්ම්ම්..”
“ඔයා හෙට මොකද කරන්නේ?”
“විශේෂයක් නෑ”
“අපි කොහේ හරි යමුද?”
“කොහේ හරි කිව්වේ?”
“ඔයා දන්නවා මම මොකක්ද කියන්නේ කියලා”
“ඒත් ඔයාමනේ කිව්වේ අපි බඳින කම් ඒ විදියට මාව අල්ලන්නේ නෑ කියල”
ඔහු මහා හය්යෙන් හිනා උනා...
“ඔයා කොයි තරම් අහිංසක ද, මම තාම රහත් වෙලා නෑ මදාරා”
ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)
Showing posts with label නුඹ. Show all posts
Showing posts with label නුඹ. Show all posts
Friday, December 28, 2012
Friday, June 17, 2011
නුඹ
මට ඔයා නැතිව ජීවත් වෙන්න පුළුවනි.
නමුත් ඒ ජීවිතේ නිකම්ම නිකම් ජීවිතයක්.
හරියට ට්වයිලයිට් පොතේ එන වැම්පයර් කෙනෙක් වගේ.
නුඹ තමයි මගේ ආත්මය.
මතකද එදා ඔයා මට කිව්වා, මේ සසර පවතිනතුරු කවදාවත් වෙන්වී යන්නේ නෑ කියල.
ඒ වචන එහෙමමයි. එත් ඔයා අද මගෙ ළඟ නෑ.
රුපියල් සත පසුපස හඹා යන ලෝකයේ...
සැබෑ ආදරයක් පවතිනු ඇතැයි මා කෙදිනකවත් සිතුවේ නෑ...
නමුත් කොහේදෝ සිටන් ඇවිත් නුඹ ඒ සිතුවිලි වෙනස් කළා.
නුඹට මතකද ඒ කාලය ?
සීමා වළලු වලින් මිදී ගතකල ඒ සුමිහිරි මොහොතවල් කවදා යලි විඳින්නද?
කරුණාකරලා මට මගේ ආත්මය ආපහු දෙන්න.
නැතිනම් ඔයා ගිය පාරේම මාත් එනවා...
ඒ දුම්රියටම යට වෙන්න...
ලියා එව්වේ - ලකී (http://sinhalarata.tk/)

Sunday, March 27, 2011
නුඹ විය හිමිදිරිය මා විය මද්දහන.. කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන...
පරන පොත් අස්සෙ කොච්චර හෙව්වද.. තාමත් නැනේ මෙක..
අහ් මේ පොත නේද..
මේ තියෙන්නෙ
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
පරණ පොතක් අස්සේ තිබිල අහුන කොල කැල්ලක ලියල තිබ්බ පද පෙලියක්..
හිත අතීතෙට ඇදිල ගියෙ නොදැනුවත්වම
"ඔයා මගෙ නේද.. මාව දාල යන්නෙ නැ නෙද..?"
"නැ කවදාවත් නැ.."
ඔයයි මායි හරියට මේ වගෙ.."
කියල කොල කැල්ලක එදා ලියුවේ.
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන"
කියල..
ඔයාව මම තවත් කෙනෙකුත් එක්ක අතේ එල්ලිලා ඉන්නව දකිද්දි මට ඒ කතාව
මතක් වුනා..
අද මන් මේකේ ඉතුරු ටිකත් මෙහෙම පුරවනවා..
"නුඹ විය හිමිදිරිය මා විය මද්දහන..
කවුරුන් වීද නුඹ අත ගත් සඳපාන..."
ඉතින් ජීවිතේ ඔහොමලු
ලියා එව්වේ - නිසල් (http://nisaldl.blogspot.com/)

Saturday, March 26, 2011
නුඹ මම
"ජීවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව අප හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා තනිව මියෙද්දිය හමුවූයේ.."
මට නුඹව හමුවුනේ ජීවිතේ හුඟාක් අඳුරු යුගයක..
බලාපොරොත්තු විරහිතව ගෙවුණු කල්ප කාලාන්තරයකට පස්සේ
මගේ ජීවිතේ සුන්දර හීනවලින් පුරවපු නුඹට මම හුඟාක් ආදරෙයි..
නුඹ කීවෙ මම නුඹව සම්පූර්ණ කලා කියලා.
මගෙ නපුරුකම් දරාගෙන
මාව පුංචි දරුවෙක් වගෙ පරිස්සමට අතින් අල්ලගෙන
මේ තරම් දුරක් ගෙනාවේ නුඹ..
ඒත් අපි බිඳුනා...
මට නුඹ අහිමි වුනා...
නුඹ ඈතට ගිහින්...
මං අතරමන් වෙලා...
හයක් හතරක් නොදන්න නොදරුවෙකු තරම්ම මම අද අසරණයි.
කියන්න මට..
""මැණික්.... මම ළඟ ඉන්නවා..."" කියලා
මගේ අත තදකරලා අල්ලගෙන ආපහු
කණට කොඳුරන්නේ කවද්ද..........?
ලියා එව්වේ - නිල් අහස

Saturday, March 19, 2011
අපේ පාර
ඒ මුල්ම දවස
දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙමින් මම පොද වැස්සේ කුඩයකුත් ඉහලගෙන නුඹව හමුවෙන්න අර පාර ගාවට ආවා.
නුඹේ අතෙත් කුඩයක්.
මම ඒ නුපුරුදු පාරේ ඉස්සරහට අඩියක් තිබ්බා.
"ඒයි මෝඩි දැන් අපි යන්නේ කුඩ දෙකකින්ද.."
එහෙම කීව නුඹ කුඩේ ඇකිලුවා.
මම ජම්බු ගෙඩියකටත් වඩා රතු වෙලා නුඹේ උසට හරියන්න ඇඟිලිවලින් ඉස්සිලා කුඩේ ඉහලට කලා.
නුඹ හිනාවෙලා කුඩේ නුඹේ අතට ඇරන් මගෙ ඉණ වටේ අතක් දාල මාව ලඟට ගත්තා...
ඒ නුපුරුදු පාර එදායින් පසු අපේ පාර වුනා.
අපි ඒ පාරේ ආදරේ කලා..
ජීවිතේ සුන්දරව වින්දා.
ඒත් අද අපි ආගන්තුක වෙලා.
අපි ආපහු ඒ පාරේ කවදාවත්ම ආයිත් යන්නේ නැද්ද අයියේ??

Saturday, March 5, 2011
දුක
මිතුර, මා දුක් විඳි බව සැබවි. එදාටත් වඩා මම අද දුක් විඳිමි. දුක යනු කුමක්දැයි මා ඉගෙන ගන්නේ දැන්ය. හිත හිර කරගන්නා මේ කටුක පීඩනය දුකක් බව සැබවි.
වෙන කරන්නට දෙයක් නැති තැන මා දුක් විඳිමි. කවදා කොතැනක මෙය කෙළවර වේදැයි නොදනිමි. ජීවිතය පිළිබඳ සුභ සිහින ප්‍රාර්ථනා තැබූ කාලය අවසන්ය.
හැර යන බවට සමස්ථ විශ්වයම ශපථ වෙද්දීත් නුඹ කෙරේ තැබූ විශ්වාසයම මා ජීවත් කරන්නට ඇත. එහෙත් සිදු නොවිය යුතු දේම සිදු විය.
බලාපොරොත්තුවේ වසන්තය අවසන්ය. පැමිණ ඇත්තේ බිඳුණු පැතුමේ ශීත ඍතුවය. සීතලෙන් ලේ බිඳුඳ මිදෙන කල ගෙවුණු වසන්තය තුරුළු කරගෙන මම ඉකි බිඳිමි.
මිතුර, ඉදින් මා ගල් ගැසෙන සැටි බලව.
ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

Thursday, March 3, 2011
රැල්ල වගේ ඇවිදින්
"මේ මුහුදෙ එක වතුර බිංදුවක් ගානෙ මට හෙණ ගහනව සේපාලි... දහස්වාරයක් මැරිල ඉපදුනත් මේ පවට සමාව මට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.. ඒත් මම... අපි කොහොමද...?"
හෙලන සුසුමටත් වඩා නෙත් කෙවිනි බරයිද මන්දා.. ඒත් කඳුලුවලට මුකුත් ඔප්පුකරගන්න බෑ.. අඩුම තරමේ උන්ගේ අයිතියවත්...
කාලයක්, මේ රැල්ල එනකම් බලන් ඉන්න වෙරළ වගේ මාත් උඹ එනකම් බලාන උන්නා.. ඔය ආදරේ ගාව තුරුල්වෙන්න... පන්සලක් වගේ උඹ ගාව ඇතිවෙනකම් බවුන් වඩන්න.. අපේම කියල තව්තිසාවකට යන්න...
ඒත් උඹ ඒ රැල්ල වගේ ඇවිදින් වැලි කැටෙන් කැටේ මගෙ වෙරලෙන් අරන් ගිහිල්ල... අද මං උඹටම දියවෙච්ච ගෑනියෙක්...
"මට දරුවව නැතිකරන්න බෑ අසංක"
මගේ දියාරු ආත්මය, ඇදුම්කන හිතටත් හොරා කෑ ගහල කිව්වා..
ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Saturday, February 26, 2011
"නුඹම විය.........."
"ආදරය නම්
අන්දකාරයේ
මංමුලාවූ හදවතට
ආලෝකයක් වී
දිවි මාවතේ
ඇවිද යන්න
මග පෙන්වමින්
සිත් අහසේ පෑයූ
පුංචි තාරකාව
නුඹම විය
මා දාවා පෙලා
මා අසරණ කළ
පාළුව තනිකමට
නැවතුමක් වූයේ
නුඹම විය
මා කදුළ සේම
මා සිනහව
හදුනාගත්තේද
නුඹම විය
මවකසේ
සෙනෙහසින්
සොයුරියකසේ
ආදරෙන්
මා වටා හිදි
මහා පවුර
නුඹම විය
මගේ හද ගැහෙන රාවය
ඒ හාද් රිද්මය
හැදිනියේ
නුඹම විය
දෛවයේ සරදමින්
පුංචි තාරකාව
සිත් අහසින් ගිලිහිනිදෝ
නොදනිමි තවම මා
ඒ මතකයන් සැමදා
කදුලු පිණි වී
නෙතු අගින් ගිලිහුනද
මගේ හදවතට
යලිත්
වේදනාව
මා ලොවට
පාලුව තනිකම
රැගෙන ආවේ
නුඹම යයි
ලොවට හඩගා
කොළස නමි මා
කියනු පවසන්
ඉතින්"
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)
Tuesday, February 1, 2011
ආදරය සහ මම....
ඉමක් කොනක් නැති බියකරු සයුරෙන් දිය දෝතක් බිව්වෙමි මා......
අහෝ පුදුමයකි....!!!!
කෝ එහි තිබූ ලුණු රස....
නුඹට තිබූ ආදරය නිසාමද මන්දා එය පැනි රසට දැණුනා මතකයි.....
එහෙත්.....
අද නුඹේ අතින් හැදූ තේ කෝප්පයේ ලුණු රසක්.....
මේ මොන විකාරයක්ද.....?
මම මටම කියා ගතිමි....
දැන් මා නුඹ ගැන හොඳහැටි දනිමි....
මට මගේ ජීවිතය එපා කරවූ නුඹ....
ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යද්දි.....
දෑත් පණ තිබුණානම් මට....
එහෙත්......
අසරණ මා කුමක් කරම්ද....?
දෑත පණ ඇති කාලයේදිවත් නොලැබුණු නුඹේ ආදරය දැන් ලැබේවිද...?
මියයම්ද....? තැවි තැවී වෙසෙම්ද.....?
කුමක් කරන්නද....?
දෑත පණ නැති විට.....
තවත් විඳවන්න බැරිය මට....
නුඹ දෙන දුක් ගින්දර......
මරාදමනු මැන මාව....
අනේ හිතවතුනි කරුණාකර..........
ලියා එව්වේ - කිරිපුතා (http://kiriputha.blogspot.com/)

Wednesday, December 1, 2010
නුඹ දික්තල මගේ...(මා කාලගෝල වී නම්, එකම එක් වතාවක්)
නෙතු අඳෝනා නැගුවා
මගේ ලය මත නුඹ හොවා මැවු
සිහින පොඩි බිඳුනා
නිල් දියවරත් හැඬුවා
වගතුවක් නැති ගොම්මනත්
මගෙ ආදරේ නුඹ හිමි නැතැයි කීවා
ඉමක් නැති අහසේ, ගණ වලා අතරින්
අනෝරා වැසි, කඩතුරා සිඳමින්
ජීවිතේ... සව්සියක් දුර මතකයන් සිඹිමින්
ඇද හැලෙයි... නෙතුකොනේ රැඳි කඳුලු පොදි පිසමින්
සොඳුරු කඩඉම්..
නිසල පුදසුන් ලෙසින් තනිවී
තිමිර සිතුවම්..
අසල සඳකැන්.... කෙමෙන් බොඳවේ..
ආලයේ.... සිනිඳු තැන්..
අද මෙසේ... සුසුම්වල පැටලී....
නිම් නොවූ........
ඒ නිමේෂය....... කිම මෙසේ මියැදී...
බිඟුසරෙන් මන්මත්වූ
වසන්තය අද බොඳවී
තරුවිමන් මැද තනිවූ
සරත් සඳ අද මියැදී
උන් අතින් ගෙන හිනැහී
නුඹ ගියත් ඉගිලී
නුඹ දික්තල මගේ
නුඹ දික්තල මගේ..
නුඹයි මගෙ ආදරේ..
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

Wednesday, November 17, 2010
මට උදවු කරන්න...
මං අතරමං වෙලා... අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා...
එදා "හැම දෙයක්ම දාලා මං ළගට එන්න.මං පුංචි සුදු රෝස මලක් වගේ ඔයාව බලාගන්නම්" කිව්ව ඔයාම "ඔයත් එක්ක ජීවත් වෙන එක මහ කරුමයක්" කියන්න තරම්," මගේ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ ඔයා මං ළග නම් විතරයි" කියපු ඔයාම "ඔයා නිසයි මට හැම දෙයක්ම නැති වුනේ.. ඔයා එක්ක ඉන්න එක අමාරුයි නෙවෙයි, ඉන්න බෑ" කියන්න තරම්,මගෙන් වුණු වැරැද්ද මං තාම හොයනවා.
මමත් වැරදි ඇති.. ඒත් මෙච්චර හිත රිද්දන්න තරම්, මගෙන් මිදිලා ඈතට යන්න හිතන්න තරම් වරදක් නම් කරලා නෑ මං.
මට උදවු කරන්න පුළුවන් නම්, ආයෙමත් ඒ ලස්සනම ලස්සන හීනයක් වගේ අතීතයට යන පාර හොයාගන්න..
ලියා එව්වේ - Smiles Tears

Sunday, November 7, 2010
නිර්වචනය සොයා දෙන්න...
අද රෑ අපේ ගෙදර යමන් තිසා
අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ
එක දවසක් මිස් උනාට
අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?
ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..
පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)
අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ
එක දවසක් මිස් උනාට
අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?
ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..
මොකාක්..?
ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...
පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)
Sunday, October 24, 2010
නුඹ මම
ඊයේ අද නැති, හෙටක් හිමි නැති... සියක් වදනින් කියා නිම්නැති ... කතාවකි මේ...
හීන අහුරක් දෑත ගුලිකර
හිත් ඉමේ පියමනින්නේ නුඹ
නුඹට හිමි නැති මටද හිමි නැති
ලොවක ලස්සන දකින්නෙමි මම
බිඳෙන උපදින හැඟුම් අද්දර
සොඳුරු ඉසිඹුව මවන්නේ නුඹ
ඇඟිලි තුඩු අග පිපෙනවා මෙනි
මුදු සිහින රඟ විඳින්නෙමි මම
හදවතේ ඉරි තැළුණු සලකුණු
සෙමෙන් පිරිමැද මකන්නේ නුඹ
දෑත නොපොවන දුරක සිටියත්
නුඹේ සුසුම් සුව සිඹීන්නෙමි මම
කඩ ඉරෙන් ඇඳි සිතුවමක් සේ
සිතේ ගැඹරක ඇඳෙන්නේ නුඹ
පාට හැඩතල පුරනු නොහැකිව
සසැලෙමින් නිති හඬන්නෙමි මම
අවර අහසක නුහුරු දවසක
පුර සඳක් සේ පිපෙන්නේ නුඹ
සිහිනයට වැඩි හැබෑවට අඩු
මිරිඟුවට පෙම් කරන්නෙමි මම
ලියා එව්වේ - මලිති (http://sathsihina.blogspot.com/)

Saturday, October 16, 2010
දෙගිඩියාව....
තරු පායන අහස් කුසේ...
ඈත පෙනෙන වලාකුලට....
මුවාවෙච්ච සද කිරනින්...
නුඹේ මුහුන එහි මවාවි....
වලකුලේ ඇදෙන එරුව....
මගේ කියා මම හිතුවට....
එය එලෙසම සිදුවෙවිද...
කියා කියන්නේ කෙලෙසද?
නුඹත් අරන් කොහේට හෝ...
ඉගිලිලා ගොස් කූඩු වෙන්න...
පැතුමක් තිබුනත් සිත යට...
නුඹ අකමැති වේවි නේද?
ඕන කෙහෙල්මලක් කියා....
ඔබ මට කැමතිද කියාලා...
අහලා දාන්නත් හිතෙනවා..
ඉන්පසු මට මක් වේවිද?
හා කිව්වොත් සිත් අහසේ...
දහස් ගනන් මල් පිපේවි...
කරුමෙටවත් බෑ කිව්වොත්...
දිවියත් මට තිත්ත වේවි..
ආදරෙ පැත්තකින් තියා....
ඇති මිතුදම හොදින් තියන්....
මම ඉන්නවා හැමදාමත්....
නුඹව බලා සිනා සෙමින්....
මගෙ ආදර තාරකාව....
හෙට දින අන්සතු වේවිද?
ඕන කෙහෙල්මලක් කියා....
එහෙනම් මම හෙට අහනවා.....
ලියා එව්වේ - අභීත (http://tikakhinawenna.blogspot.com)

Thursday, September 9, 2010
ප්‍රමාදය
ඔරලෝසුව වැඩනැති නිසා මගට යනකොටත් පරක්කුද මන්දා..?
හිතේ තිබ්බ වේගේ එක්ක කකුල් දෙක පොඩිත්තක් සමපාත වෙන්න තිබ්බ ගැහැට බව නිසාම කකුල් ඇවිද්දේ පරක්කුවෙන් ...
හරියට "වැඩක් නෑ.., දැං කොච්චර හයියෙන් දිව්වත් උඹ පරක්කුයි කියන්න වගේ"
"කසුන් මට ඔයාව නොලැබුණත් මේ කරුම කසාදේ කරන දවසට පල්ලිය ගාවට ඇවිත් මට පේන්නවත් ඉන්න"
එයා බෙල්ලේ එල්ලිලා තිබ්බ රත්තරන් සුරුවම මගේ අතට දීලා කිව්වේ එහෙම..,
ඒ මීට සතියකට උඩදී..,
"මහත්තයා පල්ලිය හංදිය ගාව නේ බහිනවා කීවේ.., ඉස්සරහිං බහින්න"
නවත්තපු බස් එකෙන් බැහැපු මම පල්ලියට යනකොටත් ඈත යන වාහන පේලියට මංගල්ලෙට ආපු අමුත්තෝ තාම අත වනනවා.
මම යන්න හැරුණා..!
"ෂහ්...ලස්සන කපල් එක..!!"
කවුදෝ කියනවා ඇහුනා
ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

Subscribe to:
Posts (Atom)