Showing posts with label චතූ. Show all posts
Showing posts with label චතූ. Show all posts

Wednesday, December 5, 2012

ඔබට බැදි සෙනෙහස

පුංචි තරුවක් තනි වෙලා හිද
පැතුම් පොදි බදිනා වෙලේ
මගේ මතකෙට කොහේ සිට ඔබ
පැමිණියේදැයි නොම හැඟේ

ආදරේ මහ සාගරේ මැද
අප දෙදෙනා තනි වූ වෙලේ
ආදරේ කොපමණ සොඳුරුදැයි
හැඟුණි ඔය නෙතු දුටු වෙලේ

රුවට නොව මා ඔබට බැඳුනේ
නුඹේ හොඳ ගුණ දුටු නිසයි
සොඳුරු ඔය සිතෙ තියෙන ආදරේ
මගේ හදවතේ රැඳුන හින්දයි

කෙලෙස කියමිද හිතා ගනු බෑ
කවි හිතත් අද හොඳ හැඩයි
ඔය හිතට බැදි මගේ සෙනෙහස
ඇත්තමයි හරි පිවිතුරුයි

ලඟින් සිටියත් නොසිටියත් ඔබ
සිතින් සැමවිට මා ලඟයි
මියෙන විටදිත් ඉන්න ඕනේ
මට ඔබේ තුරුලෙම තමයි

සිත සැනසුම සලසන මට
ඔය සෙනෙහස මහමෙරක්ය
හැමදාමත් ලඟට වෙලා
ඉන්නට මට අවසරයිද

ලියා එව්වේ - චතූ

Wednesday, September 19, 2012

අපේ ආදරය

අදුරු මගෙ සිත් අහසම
එලිය කලා ඔබ නොසිතුව විලසට
දහසක් සුන්දර හීන ගොඩක් මැද
අපෙ ලොව තනන්න පැතුම් පතමි මම

නොදකින මුත් ඔය රුව මා නිතරම
සිතින් ඔබේ ලග තමයි සෑමවිට
ඉදහිටලා හෝ හමුවන විට අප
දවස ගෙවෙනවා පුදුමයි නොදැනිම

මා කියනා ලද බොලද වදන් ගැන
ඔබ හිනැහීලා විහිලු කරන විට
දුකින් මනෙතු තෙමෙනා විට හනිකට
මා සනසන හැටි කොතරම් සොදුරුද

ආවත් බාධක කොතරම් අපහට
දරා ගනිමු අපි ආදරෙ හින්දම
ආලය වෙනුවෙන් හැම දුක් විදිනට
පුලුවන් බව පෙන්වමු අපි ලෝකෙට

කලකට පසු ඔබ මා හමුවට එන
දිනය ලගයි අතැගිලි ගනිනෙමි මම
ඔබේ අතින් අල්ලාගෙන එදිනට
දලදා වදින්න යමු අපි දෙන්නම


ලියා එව්වේ - චතූ

Wednesday, July 25, 2012

මගේ පෙම්වතා

කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා

දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා

කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම

දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය

ලියා එව්වේ - චතූ

Monday, May 30, 2011

වචන 100කින් කියන්න දෙයක් මටත් තියෙනවා

නැවුම් බ්ලොග් කරුවෙකුගේ නැවුම් සිතුවිලි සිය වචනයකින්

වටින් ගොඩින් එලිය වැටෙනවා.. මුලු රෑම නිදාගත්තෙ නැති උනත් හිතට ගතට මහන්සියක් නෑ. බ්ලොගින් වලට ඇවිත් සති තුනයි. බ්ලොග් කලාවට හිතේ තියෙන ආසාව එන්න එන්නම වැඩි වෙනවා.. සති තුනකදී ගොඩක් දේවල් කලා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. බ්ලොග් කෙරුවාව දැන් ජීවිතේ කොටසක්...

ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයාගන්න පුලුවන් සයිට් එකක් හදන්න හිතාගෙන ආපු මම මේ සීමා මායිම් නැති ඉලෙක්ට්‍රොනික අවකාශයේ කවදාවත් දකින්න නොහිතපු දෙයක් දැක්කා .. ඒ තමයි මනුස්සකම.. මුලින් සල්ලි හොයගෙන ආපු මමමද මේ සල්ලි පැත්තකට දාල මනුස්සකම, අදහස්, දැනුම බෙදාගන්න හදන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.. නොදැකපු මනුස්සයයෙක්ගෙන් මනුස්සකම අත්විදිනවා කියන්නෙ කොච්චර සුන්දර දෙයක්ද?


ලියා එව්වේ - චතූ (http://yasanthaonline.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...