Showing posts with label අහස. Show all posts
Showing posts with label අහස. Show all posts

Tuesday, July 5, 2011

ගමෙන් ගෙනාපු සිතුවිලි

මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.

ලියා එව්වේ - නුවන්තා දිල්හානි

Saturday, February 19, 2011

මට අහිමි....

සඳ...
අයිති අහසට
මුත්...
සඳ එළිය
ම‌ට දැනුණා...
ඉරට අහසට ‌
හොරෙන්
මං....
සඳ එළිය වින්දා...

සීමා මායිම්
නොපෙනන තරම්ම...
සඳ
මට
ළඟ බව දැණුනා...

උණුසුම වගේම...
උහුල‌ගන්න බැරි තරම්
‌දුක දැණෙන...
අමාවක රෑ වරු ගණන්...
කඳුළු එක්ක
පහන් වූ නමුදු
මම සැනසුණා...

දින ගණන් ගෙවුණා...

එක සඳ මෝදූ වුණ...
ඇසළ මහ රෑක‌
අහස් කුස ‌සඳ එළියෙ
පුං‌චි තරු‌ කැටයක්
දැල්වුවා...
සඳු තුටින්
ආකහේ දිලිහුණා...

මගේ රෑ දිගු වුණා...
කඳුල ඇස් ළං වුණා...

හීන් සීරුවට...

මගෙ වගක්
සඳුට
අමතක වුණා...

අන්තිමට...
හැමදාම මා එක්ක ඉන්න
දිවුරාපු
සඳ...
අහසත්, තරු‌ කැටත් එක්ක
දුර ගියා...

මම
මන්දාරම් අඳුරෙ...
සඳ
මතකයන් එක්ක
තනිවුණා...


ලියා එව්වේ - සු

Thursday, September 30, 2010

අපේ ආදර කතාව


වෙරළේ මාළිගා හදන ගමන්, තෙරක් නොපෙනෙන සයුර දිහා බලාන මම හිතුවේ අපේ ආදරය සදාකාලිකයි කියලා. රෑට ආකහේ එකින් එක මතු වෙන තරු අස්සේ ඔයාගේ ඇස් දෙක හොයන ගමන් මම හිතුවේ ඔය ඇස් මගේ විතරමයි කියලා. ඒත්, ඔයාට බැරි වුණා අහසේ තරුවෙරළේ රළ තරමට තියා පුංචි වැලි කැටයක් තරම්වත්
මට ආදරය කරන්න

ගිණි මද්දහනක අරක්කු බීලා ඇවිද්දමතින් ඔළුව බර වෙලා මෙලෝ අරමුණක් නැතුව එහාට මෙහාට වැනි වැනී ජීවිතේ අරමුණක් හොයාගෙන ගිය වෙලාවක දුම් දාන බයිට් පිඟානක් වගේ මගේ ජීවිතේට ආපු ඔයා මට අරමුණක් උනා. ඒත් ඇල්කොහොල් වලින් මත් වෙච්චබෝතලේකටත් වඩා මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ ඔයාට තේරුණේ නෑ.

ලියා එව්වේ -  Ansh Lucky Sri Jay (http://mitiyaawatha.blogspot.com/)
                                                      සහ 
                       (http://maranaya.blogspot.com) 

Related Posts Plugin for WordPress, Blogger...