ගුණසේන අපේ තාත්තා. හැටගණන්වල කොළඹ වැඩකරද්දි යාළුවො එක්ක කළේ පත්තරවල මිතුරු හමුවෙන් කෙල්ලො සෙට් කරගන්න එක.
ඔන්න ඔහොම ගුණසේනට ගාල්ලෙ කෙල්ලක් සෙට්වුණා. මාස කීපයක් තිස්සෙ ලියුම්වලින්ම වැඩේ තිතට ගිහින් කාලෙකදි දෙන්නට හම්බවෙන්න හිතෙනවා.
ගාල්ලෙ ස්ටේෂන් එකේදි හමුබවෙමු කියලා දින වෙලාවලුත් එක්ක කලින් කතාවෙනවා. ගුණසේන කියන්නෙ එයා ගාලු එන්නෙ යාළුවෙක් එක්ක කියලයි.
කතා කරගන්න දවසෙ තමන් එක්ක යන්න හිටපු යාළුවට හදිසි රාජකාරියක් වැටෙන නිසා ගුණසේන තනියම ගාල්ලට එනවා. ස්ටේෂන් එකේ කතාකරගත්තු තැන කියපු විධියෙ ඇඳුමක් ඇඳගෙන කෙල්ලක් ඉන්නවා.
“ඔයා මල්ලිකාද?”
“ආනේ ඔව්.. ඔයාද ගුණසේන?”
කෙල්ල හිනාවෙනවා... හප්පා... දත් ටික අප්සෙට්!
ගුණසේනටත් අප්සෙට්!
“අනේ නෑ... ගුණේට හදිසි වැඩක් තිබිල එන්න බැරි වුණා.”