Showing posts with label ජාතිය. Show all posts
Showing posts with label ජාතිය. Show all posts

Monday, July 16, 2012

බිස්නස්

ෂා ෆොටෝ එක නියමෙට එඩිට් උනා දැන් මේක ෆේස් බුක් දැම්මම අල්ලපු කඩේ එකාගේ බිස්නස් දවසින් වැටෙයි...

මුදලාලි ඇල්පෙනෙත්ති තියෙනවද????

නියමයි දැම්මා විතරයි ලයික් 25යි කමෙන්ට් 10යි ෂෙයා 5යි, ෂික් කොහේද මේ වාතයක් ආවනේ කඩේට...

මොනාවද අංකල් ඕනේ???

ඇල්පෙනෙත්ති????

කීයක් ගනන්ද? ???

දහයක්....

දහයක් දෙන්නේ නැහැ ගන්නවනම් එකක් රුපියල ගානේ සීයේ පැකට් එකක් ගන්න...

10 දෙන්නේ නැද්ද???

නැහැ ඕයි 10ක් විකුනලා ඉතුරු 90 මන් ** ගහගන්නද???

ඒ ගමන අල්ලපු කඩේට යනවා, ෂික් කාලකණ්නි ඇල්පෙනෙත්තක් ගන්නත් යන්නේ උන්ගේ ගාවට ජාතිය ගැන කිසි හැඟීමක් නැහැ

..........

එන්න සර් මොනාද බැලුවේ???

අල්පෙනෙත්ති තියෙනවද???

තියෙනවා සර් එකක් සත පනහයි ගොඩක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.....



ලියා එව්වේ - නිෂාන්

Thursday, April 21, 2011

මැරුණට පස්සේ

ලොකු දුව දැන්ම බඳින්න අදහසක් නැද්ද?

තාම නෑ කෙනෙක් ඉන්නවා..

ආ.. නෑදෑයො වෙන කෙනෙක්ද? මොකද්ද රස්සාව..

නෑදෑයෝ නෙමේ. කොම්ප්‍යුටර් මොකද්ද එකක වැඩ.

හොඳයි නේද?

හ්ම්ම්...

එයා අපේ ජාතියේ නෙමේයි කියලා ආරංචි උනේ හැබැයි.

හ්ම්ම්....

ඔයාලා හොයලා බැලුවේ නැද්ද? මොනා උනත් අපේ කෙනක්ම නම් තමා හොඳ නේද....

එයාලාගේ කැමැත්තනේ.. අපි වැඩි කල් ඉන්නෑ. මේ එයා‍ලගේ ජීවිතේ.

ඒත් ඉතින් මැරුණම එහෙම කොහොමද ඒ චාරිත්‍ර. අපේ ක්‍රමේටද එයාලගෙ ක්‍රමේටද?

මැරුණට පස්සේ කොහොම උනාම මොකද. කොහොම කරත් පොළවට නේ.

ඒ උනාට එහෙම හොඳද. කොහොමත් ආගමෙන් පිට ගියාම අපේ ක්‍රමේට බෑ.

ලොකු දුව මැරෙණ කා‍ලෙට නැන්දා පණ පිටින් හිටියොත් බලාගන්නකො කොහොමද චාරිත්‍ර කෙරෙන්නේ කියලා.

.......................!


ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)

Wednesday, February 23, 2011

සීහලේ අද දවස - හෙට දකින උන්ට ඇහෙන්නට

කහ ඉරිත් නැති ජීවිතේ මග
නැවතුමත් නොපෙනී ගිහින්
දස රියන් උස, මිටි කඳු පවා
දැන් ගිනි වැදී අළුවී ගොසින්
උන් ගිමන් හල ඒ විසල් නුග
අද ලොරි මතින් මළගම් ඇදෙද්දී
නියඳ මල් පිපුණත් මොකෑ බොල
වල් වදින නිදහස තුලින්..

බෝධියෙන් බට දේවතාඑළි
තුට්ටුවට විකුණා යසින්
කොමල මුදු ලැම කෙලසලා දැන්
හෙළුව පෙන්නති සන්තොසින්
කලියුගේ සකිසඳ එසේමැයි
තාලමත් හඬගා කියද්දී
චීවරේ විවරණ මොටෑ බොල
එතෙරවෙන්නට ජීවිතෙන්..

මවු මරා ලියනා අපේකම
බොල් හඬින් වැයෙනා සරින්
ඒ යසයි කියමින් නටන මුත්
සොහොන තම බැව් නොම දනිත්
කල පවින් මිරිකී හඬන උන්
රියසකින් සසරේ ඇදෙද්දී
නිවට නරි රජකම් කැපයි බොල
පණ අදින ජාතිය මතින්...


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Monday, February 7, 2011

ජාත්‍යාලයට මෙඩිකල් එකක්!

අමාරුවෙන් හිටගෙන හිටපු සමාලි ඉවසන්න බැරිම තැන ඉඳගත්තෙ පසුබිමින් ඇහෙන ජාතික ගීය අමතක කරලා....

කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...

උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...

සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...


...............................


තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.

“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”

අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...

“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”

සමාලිගෙ ඇස්වලට කඳුළු ඉනුවා...

“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...