ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා,
මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට
පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...
දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට
ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම
මමනෙ දන්නේ.
කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා මමයි උඹයි
උඹේ මනුස්සයයි විතරයි දන්නේ. මුන්ට ඒවාගෙන් වැඩක් නෑ. මට දුක උඹව මරන්න මාවම ගේන
එක. මීට වඩා හොඳයි මහ පොළවෙම මළ කාල දිරල ගියානම්. ඇයි තාත්තේ උඹ මාව උදලු තලයක්
නොකර අසිපතක්ම කළේ..
මට සමාවෙයන් කම්මල්කාර තාත්තේ....ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )
කඩුවක් නසන්න කඩුවක්ම ඕනලු නෙව.
ReplyDeleteඅා.............. වර්ණ ලියා ඒවපු කතාවක් නොවැ........... කතාව නියමයි. අපිත් හැකි වුනොත් ලියා ඒවන්නම්කෝ කතාවක්.............
ReplyDeleteඑහෙනම් අපි ගී පවුරෙන් කතාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා....
Deleteකඩුවක් කියන්නේ ආයුධයක් වගේම සලකුණක් .
ReplyDeleteඇත්ත වශයෙන්ම
ReplyDelete