Wednesday, February 18, 2015

අවසන් හමුව

නුහුරු සිතුවිලි රාශියක් තොරක් නොමැතිව සිතට ගලා එයි. ඇයට මෙය කියන්නේ කෙලෙසදැයි මා නොදනිමි. නමුත් කෙසේ හෝ මෙය අද කිව යුතුය.
නංගි මම මේ.....
මම දන්නවා අයියෙ ඔයා කියන්න යන දේ...
ඒ කොහොමද?
මම ඔයාට කළේ ආදරේ අයියේ වෙන මුකුත් නෙමේ. ඔයාගෙ වෙනස් වීමත් ඒකට හේතුවෙත් මට හිතාගන්න පුළුවන්. ඒත් ඒ ගැන හොයලා, ඔයාට කරදර කරලා බලෙන් ඔයාව ළඟ තියාගන්න මට ඕනෙ නෑ. මෙතන ඔයා දීපු සේරම භෞතික දේවල් තියනවා. කවදහරි ඔයාට මගේ ආදරේ වටිනාකම දැනෙයි. මම යනවා. හැමදාම සතුටින් ඉන්න.
මා හට කියන්නට කිසිත් ඉතිරි වී නැත. ආපසු හැරී නොබලා යන ඇය නොපෙනී යනතුරුම බලා සිට මමද නික්ම ගියෙමි.

ලියා එව්වේ - හංස සංදීප

3 comments:

  1. නියමයි.................. කෙටි චිත්‍රපටයක් වගෙයි........

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සටපික්වලයාFebruary 19, 2015 at 12:45 PM

    අපි හැමෝම එකම චිත්‍රපටියක වෙනස් වෙනස් නළුවො.. නියමයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...