වැඩි වියක් නොවූ ඒ මුහුණ
මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව
ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.
අපැහැදිලි සියුමැලි හඬින්
ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත්
ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා.
අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.
නොපිපි කැකුළු වෙත
ලියමි සෙනෙහසින්
බඹරු දෙබරු ගැන
සමනලයින් ගැන
නොදත් නුඹට
ලියමි සෙනෙහසින්........
නමක් නොමැති නවාතැනක
දොරගුලු ලා රොන් ඉල්ලන
වන බඹරුන් ඇත
සමනලයින් ඇත......
සියුම් ඇසක් නුඹට හොරෙන්
සඟව තබා රොනට වඩින
සමනලයින් ඇත
වන බඹරුන් ඇත.....
ලියා එව්වේ - වර්ණ (http://warnakulakaya.blogspot.com)
නංගි කෙනෙක්ට දෙන්න හොඳ අවවාදයක් වගේ . එළ එළ
ReplyDeleteනංගි කෙනෙක්ට දෙන්න හොඳ අවවාදයක් වගේ . එළ එළ
ReplyDeleteවිශ්වාසය යනු ආදරය තුළ නොබිඳී පැවතිය යුතු සාධකයකි.
ReplyDeletemata me lipi fb eke share karanna widiyak thiyenam kiyanna....
ReplyDeleteකාලෙකින් මේ බ්ලොග් එකේ පොස්ට් එකක් දැක්කේ.
ReplyDelete