තව පැය
කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා
ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති
බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ
කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන
තුරු බලා හිඳිමි. ඒ ඇගේ මතකයන් සමග තුරුලු වන්නටය.
අතීතයේ මා
විඳි ආදරය දැන් ඇත්තේ මගේ මතකයන් තුළ පමණි. එබැවින් ඒ පැරණි මතකයන් හාරා අවුස්සා
යළිත් මම ආදරය විඳිමි. නමුත් එය නිස්කලංකව කළ හැකිවන්නේ ලොව නිහඬ රාත්‍රියේ පමණි.
එබැවින් මම දැන් රාත්‍රියටද පෙම් කරමි.
අගෙයි
ReplyDeleteස්තූතියි!
ReplyDelete