Sunday, March 13, 2011

පින

"පුතා" දැන් ඉරුණු සල්ලි බැංකුවෙන් ගන්නෙ නැද්ද?
මැදිවියෙ වූ ඔහු අඩ නින්දෙන් වූ මා අවදි කරමින් ඇසුවේය..
"මහ බැංකු නිවෙදනයක් දුන්නා ගිය මාසෙ ඉරිච්චි නොට්ටු ගන්න එපා කියලා" .
බොහොදුරක් ගෙවා ආ බැවින් මහහන්සියෙන් පසුවූ මා නොකැමැත්තෙන් සේ පිළිතුරු දුන්නෙමි.

"දයාබර අයියෙ අක්කෙ නංගියෙ මල්ලියෙ" මම බොරුවක් වංචාවක් කරනවා නෙවෙ, මමත් කැමති ඔබතුමාලා වගෙ ලස්සනට ජීවත් වෙන්න"
සිඟමනට ආ තරුණ ගැටයෙකි.

"පොඩ්ඩක්" ඉඩදෙනවාද මම එහා හොල්ට් එකන් බහිනවා, මැදිවිය පුද්ගලයා පැවසීය.

සාක්කුවෙ තිබූ අවසන් රුපියල් දහය සිඟන කොල්ලාට දුන් මා නැවත නින්දට වැටුනි..

"බලන්න මේ බහින්න යන මේ මහත්තයත් මට රුපියල් දහකින් ආධාරයක් කලා"...

සිඟන කොලුවා පවසන අයුරු යාන්තමින් කනවැකුනි..!!

ලියා එව්වේ - මුදිත හර්ෂන දසනායක (http://www.sarawatiya.blogspt.com)

2 comments:

  1. මේකයි අර පිචැර් බැලිල්ලයි දෙකම එකම වගේ කතා දෙකක්නේ... රුපියල් දහය ඉරිල තිබුණ නිසා ඔන්න පිංකමක් කරගත්ත...

    ReplyDelete
  2. @ හරෙ
    මම මෙ වචන ටිකෙන් උත්සාහ දැරුවෙ කර්මය ගැන අදහසක් දෙන්නයි.
    අපි දානයක් හො යම් දීමක් දෙනවා නම් එය කළ යුත්තෙ හොඳ හිතින්, දියයුත්තෙ හොඳම දෙයයි,මන්ද දීමයි අත් හැරීමයි එක වර සිදු විය යුත්තක්.අප යම් දෙයක් දෙන විට දීමට උත්සාහ දරන්නෙ අහක යනදෙයක් නැත්තම් තමන්ට අනවශ්‍ය දෙයක්.. එදෙය ලියන්නට තමයි උත්සාහ දැරුවෙ, එය ඔබතුමාට වැටහුනෙයැයි සිතමි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...