Monday, March 7, 2011

අහෝ ෆෝබියා 1 - අන්තර්ජාලය

අපේ පුතු නරක් වේය.
දූ වල් වැදේය.
අහෝ අන්තර්ජාලය ඉතා භයානකය.
හේ අප ළමෝගෙන් තුරන් කල යුතුය.
අප පුතු නරක ආදර්ශයන් ලබනු ඇත.
ලස්සන පාට බෝතල් දකින ඔහු මතට හුරු වනු ඇත.
ඒ හුරුව ඉන් එහා මතකට හුරු කලහොත්. . .
අහෝ අප ජීවත් වී ඵලක් නැත.
පුතු මාගෙන් ගංජා සුරුට්ටුවක් ඉල්ලනු ඇත.
මුහුණු පොතේ හැම මිතුරාම පිරිසිදු මනසකින් යුතු නොවේ.
කාමුක අදහස් හිතේ පුරවාගතහොත් අධ්‍යාපනයද මනසින් තුරන් වනු ඇත. තවත් නම් මෙය ඉවසා සිටිය නොහැක.

අන්තර්ජාලය නැතද මූ ගෙදරට සීඩී ගෙනෙනු ඇත.
මූණු පොතේ නැතත් පන්තියේ මිතුරන්ටද මූව මතට හුරු කල හැක.
මූව ගෙදරට කොටු කර තබා ගත යූතුය.

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

12 comments:

  1. එකත් ඇත්ත තමයි...

    ReplyDelete
  2. හලී නරකයි අන්තර්ජාලෙ..

    ReplyDelete
  3. කාලෙකදී පින්තූර පත්තර, ඊට පස්සෙ ටී.වී පෙට්ටිය දැන් අන්තර්ජාලේ සහ කොම්පීතරේ, හෙට මොකක්ද ?

    ReplyDelete
  4. මේ රචිතයයි මව්තුමී කීව එකක්දැ ? :D

    ReplyDelete
  5. @දුමී අයියා,

    ඊටත් කලින් ගමේ නාන ළිඳ.

    ReplyDelete
  6. චීයා අන්තල්ජාලේ කක්කි

    ReplyDelete
  7. Hero, ela ela machoo !

    ReplyDelete
  8. why don't you admins of this blog remove unrelated comments? We all know the person with the name hero comments uselessly. Just remove this comment as well!

    ReplyDelete
  9. සහතික ඇත්ත, විශේෂයෙන් ඔය මුචා​​ගේ බ්ලොග් බැලුවොත් කොලෙස්ටරෝල්, දියවැඩියාව එහෙමත් වැඩිවෙන්න පුලුවන්නේ..


    @දුමී

    inception චිත්‍රපටියේ වගේ වෙයි. 0_0

    ReplyDelete
  10. හොදට නරකට දෙකට එකමය

    මොල ඇත්තෝ ජයගත්තෝ
    අන්ඇත්තෝ වැලගෙල දා ගත්තෝ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...