Wednesday, September 13, 2023

මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව

ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්‍රීඩා. අම්ම කුකිං සහ ටෙලි.

ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ මූණ ඇඹුල් කරන්.

ඉතිං පැයෙන් දෙකෙන් බැටරි බහින පරණ ෆෝන් එකක් අම්මට හදල දුන්නා.

ඊට පස්සෙ දෙන්නා කාමරේ ඉඳන් තමන් කැමති වීඩියෝ බලන්න ගිහින් වලි.

අම්ම කියනව තාත්තට එලියට ගිහින් බලන්නලු. සද්දෙලු.

අම්ම කාමරේ ඉඳන් බලනව.

තාත්ත සාලෙට වෙලා බලනව.

ෆෝන් එහෙමයි ආදරේ මැදට ආවේ.

ඒව තමයි සංසාර ණය ගණුදෙනු


ලියා එව්වේ - Hare :-)

4 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. නොවැළැක්විය හැකි තාක්ෂණික සත්තාවන්!

    ReplyDelete
  3. අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එකක් කියෙව්වෙ. හරේ තාම ලියනවා දැක්කම සතුටුයි. ජය

    නිශාචරයා

    ReplyDelete
  4. This is a heartwarming story about family and love.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...