Friday, April 13, 2012

නව අවුරුදු සුබ පැතුමක්...!!

සියක් වදනින් ලොවක් සනහන
සියක් මිතුරන් කැලක් රොක්වුන
සියක් සිතිවිලි එකට රොද බැඳි
සියක් හදවත් වල සහන් සර

සියක් සිතුවිලි වදන් අමුණා
සියක් වදනින් පැතුම් පළඳා
සියක් දනහට සතුට දෙන්නට
සියක් මිතුරනි එන්න රොද බැඳ

සියක් සිතුවිලි සිතින් ඇවිලෙන
සියක් වදනට මෙලෙස එක්කොට
සියක් ලෝවැසි දනට පතනෙමු
සියක් ආයුෂ පිරේවා හෙට

සියක් පැතුමන් එකට එක්කොට
සියක් වදනින් පතන පැතුමට
සියක් සුසුමන් එකට එක්කොට
සියක් පැතුමක් පතමු මෙලෙසට

වමු හසරැල් මුවට නැංවෙන
සන්තේ මංගල දිනේ

සක් සිය සිය
තුට ඉතිරෙන
න් කැකුළු පීදෙන දිනේ

සුහද පැතුමන් සිතෙහි හැම තැන
වුන් වඩනා මල් සමේ

වේදනා කඳුලැලි තුරන් වී
වාසනා දේ හෙට දිනේ


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

4 comments:

  1. නියමයි නියමයි... ජයවේවා එහෙනම්!

    ReplyDelete
  2. එළ කිරි....wish u a හැප්පි හැප්පි new year එහෙනම්...:P.

    ReplyDelete
  3. ලස්සනයි...! වන් සීරෝ සීරෝ මිතුරු මිතුරියන් හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...