Tuesday, February 14, 2012

ආදරවන්තයෝ

කෝපිහලේ තවත් සාමාන්‍ය සෙනසුරාදා සවසක්…

කෝපි නිවෙන්නට හැරි පෙම්වතුන් යුවළක්…තම දියණියට කිසිවක් කවමින් සිටි මවක්…පොළවට සවිකල ලී මේසය පිසදමමින් සිටි තරුණ සේවිකාව…සහ කෝපි දුමාරයට සිගරැට් දුමාරය මුසු කරමින් හිටි මම…එයට කිසිත් වෙනසක් එක්කලේ නැහැ…

පරිසරය වෙනස් වුණේ ඇසිල්ලකින්…මුදුනතේ එල්ලා තිබූ සුළං චයිමය හැඬවෙන සේ විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ අත්වැල් පටලාගත් මැදිවියේ මිනිසෙකු සහ හීන්දෑරි කොළුගැටයෙක්…

මොකද්දෝ විහිළුවකට සිනාසුනු ඔහු අනෙකාගේ මුව සිපගත්තේ ඒවනවිටත් එල්ල වෙමින් තිබූ දුසිමක් ඇස් ගැන වගේ වගක් නැතිවයි…

“ඇයි අම්මේ ඒ අන්කල්ලා දෙන්නා කිස් කලේ..?”අවට පරිසරයට අතිශය සංවේදී කුඩා දැරිය ඇසුවේ අවන්හලම නිහඬතාවයේ ගිල්වමින්…

කාන්තාව පිළිතුරු දුන්නේ මඳ නිහඬතාවයකින් පසුවයි… “ඒ දෙන්නා ආදරේ නිසයි දුවේ…”
 
ලියා එව්වේ - බීට්ල් http://akurublog.blogspot.com

8 comments:

  1. තාත්තායි පුතායි කෝපි බොන්න ඇවිත්................

    ReplyDelete
  2. මලේ.....මටත් හිතයි කරන්න ආදරේ
    තනි කමේ පාලුවේ උන්තා ඇතිනෙ පාඩුවේ
    නෙලා ගන්නෙ මමයි නුඔයි මලේ..........:D

    ReplyDelete
  3. බීට්ල් ඉන්නෙ ලංකාවෙ නෙමේ වගේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
  4. යකෝ නැගිටහං දවල් වෙලා :P

    ReplyDelete
  5. අහා............

    ReplyDelete
  6. ස්තූතියි කමෑන්ට්ස් වලට... මේ වන් සීරෝ සීරෝ වල මගේ කුළුඳුල් දායකත්වයයි...

    ReplyDelete
  7. නියමයි බං... එතන තියෙන්නෙත් ඒකමයි කියල අද දවසෙ විෂ් කරපු බහුතරේකට තේරෙන්නෙ නැති එකනෙ කේස් එක...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...