හෙට මගේ මංගල දිනයයි. කවුළුවට බරදී සිටින මට පෙනෙන්නේ
සැහැල්ලුවෙන් පාරේ යන කෙලි රංචුවකි. උන්ට මෙන් මටත් දවසක් තිබුණා මතකය.
මා සිටින්නේ ගෙදරින් බොහෝ දුර නිලූ නැන්දාගේ ගෙදරය. නිලූ
නැන්දාවත් නොසිටින්නට මම අද මෙලොව නොසිටිනු නොඅනුමානය.
මගේ මංගල්‍යයට එක්වෙතොත් ඒ අම්මා පමණි. ඇයද නාවොත්
පුදුම නොවෙමි. තාත්තා, අයියා, නංගී, අක්කා කිසිවෙකු නොඑනු ඇත. තාත්තාගේ මුහුණ යළි කිසි
දිනෙක දකින්නට හැකිවේයැයි සිතන්නට අපහසුය.
සේනකටවත්, වීඩියෝ කැමරාවටවත්, ඒ නවාතැන් පොළටවත්,
අන්තර්ජාලයටවත් දොස් නොකියමි. ද්වේශ නොකරමි. මම ද්වේශ කරන්නේ මගේ ආදරයටයි. ඒ
විශ්වාසයටයි. අණුවනකමටයි.
ලියා එව්වේ - වර්ණ ( http://warnakulakaya.blogspot.com )
සංවේදීයි..............
ReplyDeleteඅද සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නොදැනුවත්කම නිසා වැරදි පාරේ යනවා... අැත්තට ම තරුණවිය විදින්න උවමනායි.. ඒත් ඒක විනාශකරගත යුතු නැත....
ස්තූතියි
Delete