%අපි යන්නේ
කොයි පාරේ
ත්‍රිමා
බාලෙ ගිය පාරේ....^
එහෙම
කියද්දි සමහර අය කිව්වා ඒ පාර වැටිල තියෙන්නේ වළට කියලා... මහ හයියෙන් කිව්වට ත්‍රිමා,
බාලෙ, වෙනුර, නිෂ්මි ගිය පාරේ ඇත්තටම ගියෙ කීයෙන් කී දෙනාද? එහෙම කෑගහපු හැමදෙනාම
ඒ පාරෙම ගියා නම් අධ්‍යාපනේට උසස් අධ්‍යාපනේට මේ තරම් හෙන ගහල තියෙයිද?....
%කපා කපා
කෑලි කපා
අප වළකනු
සිතනු එපා....
ලේ හැලුණත්
පාරදිගේ
අපේ ගමන
අපි යනවා....^
ඒත් අදත් ත්‍රිමා
බාලෙ ගිය පාරෙම ගිහින්, ලේ හලලා අධ්‍යාපනේ නිදහස දිනාගන්න, නිදහස් අධ්‍යාපනේ
රැකගන්න පුළුවන්ද? එහෙම නැත්තම් ඒ පාරෙන් හැරිලා අද දවසට ගැළපෙන සාර්ථක, සැලසුම්සහගත
පාරක යනවද? එහෙම ගිහින් සිසු විරුවො එදා රැකගත්ත නිදහස් අධ්‍යාපනේ රැකගන්නවද? ලියා එව්වේ -
වර්ණ
No comments:
Post a Comment