අලුත උපන්
බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මව
දැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහස
තව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.
කිරි
පබළුවක් අතින් ගෙන
පළමු වර මා
පැමිණි දවසේ
රූපයෙන්
මෙන් සෙනෙහසින්
කිරි සයුර
සේ දැකගතිමි ඇය
පන්හිඳක්
ගෙන ඇය බලන්නට
දෙවැනි වර
මා පැමිණි දවසේ
රූපයෙන් ඇය
කලා වැව වැනි
සෙනෙහසින්
සත් සයුර වී
සුදු මලක්
ගෙන ඇය දකින්නට
තෙවැනි වර
මා පැමිණි දවසේ
රූපයෙන් ඈ
සුළං රොද වැනි
සෙනෙහසින්
මහමෙරක් වී
තව දෙයක්,
දරුවෙක් වැදූ පමණින් උතුම් මව් පදවිය ලබන්නත් බැරි බවත් අද පේන්න තියෙනවා.
awesome
ReplyDelete