කාක වසුරක
මුහුව විත්
තෙමංසල පවුර
රැඳි ඇසතු බීජය
සිමෙන්ති
පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොට
ලෝකයට රිදී
මුල් දිඟු කළේය......
වෙර දරා පවුර
බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල
ටිකෙන් ටික
මහ පොළවටම ගෙනගියේය....
යවුල් පහරට
වැහැරුණත් තැනෙක
හේ තිරසරව යමුල්
ලා ගත්තේය...
ඇවෑමෙන් හේ
මහා බෝධියක් විය..
බැලු
බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.
කෙනෙක්
බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.
%මහා
අනුහස් ඇති බෝ රජෙක්^
ඉනික්බිති පවුරකින්
වටවිය. පාමුල මුනිඳු පිට දී හිඳින සුඟන්ධ කුටියක් ඉදිවිය.
මලින්
පහනින් සුවඳ දුමින් නිතර නිතරම පිදෙන්නට විය.
දහස් ගණනක්
කාකයෝ ඔහු ඵල ගිල සතර අත ඉගිලී ගියහ.ලියා එව්වේ - වර්ණ
No comments:
Post a Comment