පින්සාරි පන්සලට අවෙ
අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා.
මංගල පොඩි සාදු පූජා
කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි
වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.
ආවාස ගෙයින් එළියට
වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල්
පොතක් අස්සෙ දාලා දීපු ලියුමට උන්වහන්සෙගෙන් ලැබුණු උත්තරේ,
ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රල නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළ පනාව වී...........
පින්සාරි
ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා. ලියා එව්වේ - වර්ණ
නියම පද පෙල...
ReplyDeleteස්තූතියි
Delete