Wednesday, January 9, 2013

ආදරේට වද දෙන දුක

මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම  ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා  පෙළඹවීය.

“මොකද පාර බලන්නේ...“

“නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි  කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් වෙලාවට එන්න බැරි..“ මහත් කලකිරිමකින් යුතුව ඇය කියවාගෙන ගියාය.

“එන්න පරක්කු වීමයි ආදරෙයි අතරේ සම්බන්දේ මොක්කද ප්‍රියා!?“

“ඒක දුකක්!“

“නැහැ.. ඒක නෙවෙයි,

බලාගෙන ඉන්න එකයි

තනිකමයි

නුවන්ව තැති වෙයි කියන බයයි

ඔයාගේ හිතේ සැකයයි

මිසක් ආදරේ නෙවෙයි ප්‍රියා“

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

3 comments:

  1. ආදරයයි, තනිකමයි, දුක, සතුට හැම තිස්සෙම එකකට එකක් බදධ වෙලා තියෙනවා. අපිට එකක් නැතුව අනිත් එක ලබා ගන්න බෑ. අපි ආදරේ කරන්න පටන් ගන්න දවසේ ඉදලම තනිකම අපේ පස්සෙන් එන්න පටන් ගන්නවා අවස්ථාවක් ලැබුන ගමන් අපිව රිදවන්න බලාගෙන. එදාට ආදරය නිසා සතුටු උන අපි තනිකම නිසා දුක් වෙනවා. ඒත් අපි තනි උනේ ආදරය කරපු නිසා නෙමෙයිද??

    ReplyDelete
  2. සැකය උනත් ගානකට තියෙන්න ඕන.

    ReplyDelete
  3. සැකය තියෙන තැන කොහෙද ආදරයක් ?, ආදරය කියන්නෙ පරිත්‍යගයක්, කැප කිරීමක්, අපි ඒ කැප කිරීමට සූදානම්ද කියන එකයි ගැටළුව,

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...