Friday, January 25, 2013

මරණය තළුමරමු!

පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි.

අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද?

ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ.

ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු.

බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ...

අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ.

බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ...

නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ කට්ටිය වට වෙලානේ..

ඔව් එක පාරින් වෙන් වෙන්න තමයි ගහන්නේ...

අනේ අපේ පැත්තෙ රවුටරේ කැඩිලනේ. ඔයාලගෙ එකෙන් බලන්න පුළුවන් නේද?

ඕක ක්ලෝස් කරන්න එපා කියන්න. AO මහත්තයටත් බලන්න ඕන කිව්වා.

තව බලපු නැති අය ඉන්නවද? දැන් ගෙදර යන වෙලාවත් හරි.



ලියා එව්වේ - hare :-)

5 comments:

  1. මට නං ඔව බලන්න බෑ

    ReplyDelete
  2. නියම ලිපිය හරියටම වචන 100 ද බං මේකෙ තියෙන්නේ

    ReplyDelete
  3. මම නම් තාම ඕක බලලා නැහැ බලන්නෙත් නැහැ.

    ReplyDelete
  4. ඕකම තමා ස්ත්‍රී දූෂණ නිවුස් වලටත් වෙන්නේ..
    බැන බැන කියවන්න ආසම එවුවා..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...