Sunday, July 24, 2011

සැන්ඩ්‍රා

ඔන්න උඹ බොරුවට හේතු කියනවා..,
යකෝ ගෑණිගේ බ්ලොගේ පෝස්ට් එකක් ගිහින් ඒ සුනංගුවෙන් කොමෙන්ට් කොටනවා..!
අපි මොකක් හරි ලියලා බලන්න කිව්වම තමා උඹට බොරු බිසීය..?

දැන් මට මොකද්ද කරන්න කියන්නේ..? හැම පෝස්ට් එකට ම එල පට්ට බෙට්ට කියල දාන්නද?

එහෙම නෙවෙයි, කොමෙන්ට් නොකලත් කමක්නෑ.., තියෙනදේ කියවලා උඹේ අදහස උඹ කැමති නම් විතරක් දාපන්.., අඩුගානේ දාලාතියෙන කොමෙන්ට්වත් කියවලා මොනාහරි දාපන්..!

දැන් ඇයි උඹ එහෙම කියන්න හේතුව..??

උඹ පෙරේදා රෑ මුතූගේ බ්ලොගේට කොමෙන්ටුවක් දැම්මා නේද??

ඔව්??

උඹේ මොකද්ද කොමෙන‍්ට් එකෙන් කිව්වේ..?

"හුරතලයට හැදිච්චි බැල්ලිපැටියා ලෙඩ උනාම දුක දැනීම සාමාන්‍ය දෙයක්. ඉක්මනටම ඔයාගේ බැල්ලීපැටියට හොඳවෙන්න කියලා පතනවා..!" කියලා..!

යකෝ "සැන්ඩ්‍රා" කියන්නේ ඒකිගේ පුංචිඅම්මා..!

ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

19 comments:

  1. ඔව් අප්පා දන්නැති තැන්වල හොට දාන්න ගිහිල්ලා හොට ඈන ගන්න තමයි වෙන්නේ ඉඩ වැඩ්ය හොදා දන්න ව්දිහට ලියන එක පඩ් වෙන්නේ නැතුව

    ReplyDelete
  2. මරු 100! අපේ ගොඩක් උන් ඕකම තමයි කරන්නේ :D

    ReplyDelete
  3. හික් හික්.... සිරා.... හැබැයි පට්ට බෙට්ට වගේ එකකට වඩා නම් ආතල්...

    ReplyDelete
  4. කාලෙකින් මේ පැත්තට ගොඩ වුණා..
    ලොල්, මට මේක කියවලා තාම හිනාව නවත්ත ගන්න බෑ :D

    ReplyDelete
  5. කෙල්ලෙක්ගේ බ්ලොගේකට කමෙන්ට් කිරීමට පෙර දෙපාරක් කියවනු හි හි

    ReplyDelete
  6. අප්පට සිරි.. :D

    ReplyDelete
  7. හපොයි........ හිනාවේ පණ නැ.

    අයියටත් හිතට එන කතා......

    ReplyDelete
  8. හිනා වී නොමැරී බේරුණෙමි.

    ReplyDelete
  9. හි හි... මටත් බඩ පැලෙන්න හිනා...

    ReplyDelete
  10. හපොයි, මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවෝ....!

    බේබදු බල්ලා

    ReplyDelete
  11. හෆොයි වෙච්ච දෙයක් කීවලු. :)

    ReplyDelete
  12. කව්ද දේශපාලකයෙක් චන්ද කාලෙක නොදන්නා වෙදෙක්ගේ මල ගෙදර ගිහින් කිව්වලු මේ වේද මහත්තය මටත් බෙහෙත් කරලා තියෙනව කියල. බැලින්නන් ඒ හරකුන්ට වෙදකන් කරපු පශු වෛද්‍යවරයෙක්ලු.

    ReplyDelete
  13. සැන්ඩ්‍රා කිව්වාම මම හිතාගෙන ආවේ වෙන කෙනෙක් ගැනයි..:-)
    එතකන් මේ පුංචි අම්මා නේ :-)

    ReplyDelete
  14. හික්ස්... පට්ට බෙට්ට :D

    ReplyDelete
  15. දැන් බලු පැටියට හොදයි ද?..නැ නැ පුංචි අම්මට..

    ReplyDelete
  16. දැන් මට මොකද්ද කරන්න කියන්නේ..?මේකට කමෙන්ට් එකක් දාන්නද :P
    නියමයි ලිශාන් අයියා! :)

    ReplyDelete
  17. පට්ට....

    ReplyDelete
  18. පුදුම බෙට්ටක්නේ :D පට්ට බෙට්ට?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...