Thursday, July 21, 2011

ආඩම්බරකාර තාත්තා....

අපේ ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණ පත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...

මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...)

එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...

මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා... නැහැ තාත්ති මං මේ උත්තර තියෙන කොල ටික ස්ටේප්ලර් වලින්ම ගලවනවා කිව්වා... මං නිරැත්තරයි.... ටික වෙලාකින් එයා ගියා...බිරිඳ ආවා පුතා උත්තර කොල ටික ගලවලා දුන්නා කියාගෙන....

මට මං ගැන මාර දුකකුත්.... ලොකු පුතා ගැන මාර ආඩම්බරයකුත් ඇතිවුනා...

ලියා එව්වේ - බස්සා (http://jbasnayaka.blogspot.com/)

9 comments:

  1. පුතාට හොඳ අනාගතයක් පතනව

    ReplyDelete
  2. උත්තර බල බල හරි ප්‍රශ්න පත්තර කරන්න උනන්දු වෙනවනම් කොච්චර දෙයක්ද! ;)

    ReplyDelete
  3. ඔයා කරන්න ගිය වැඩේ වැරදියි කියලා දැන් ඔයාට තේරෙන නිසාම මුකුත් නොකියා ඉන්නමද?

    ගණිතයේදි විතරක් ඔය දේ හරි.. ඒත් අනෙත් ප්‍රශ්න වලදි උත්තරේ නොදන්නවානම් පිටිපස්සෙ උත්තරේ තියෙන එක හොඳයි... අපිට එයාල ලගින් ඉදන් කියල දෙන්න පුළුවන්කමක් නැති නිසා ගොඩක් වෙලාවට... සුදාරක කිව් දේ ඇත්ත... ශිෂ්‍යත්වයේදී...

    A/L වලදී අද්ළ නෑ ඕන්....

    ReplyDelete
  4. ඇයි A/L වලට අදාල නැත්තෙ...මම නම් අනන්තවත් එහෙම කරලා ඇති.උත්තරේ මතක නැති වුණාම ආයිමත් පොත් බලනවට වඩා ඒ ක්‍රමය හොඳයි..අනිත් එක මාකින් ස්කීම් එකටම උත්තරෙත් තියෙනවනේ.

    ReplyDelete
  5. තමන්ට අවංක උනාම කිසි අවුලක් නෑ. මම නම් A/L කරන කාලේ රසායන විද්‍යාව Paper වලට උත්තර ලීවෙම උත්තර බල බලා...

    ReplyDelete
  6. මොනව වුණත් පොතේ අග උත්තර තියෙන එක ලොකු දෙයක්. බැරි වෙලාවත් හදපු එක උත්තරේට සමාන වුණොත් මාර ගති නෙව!

    ReplyDelete
  7. eh ? මට මතක නැනේ අපේ පොත් පිටි පස්සෙ උත්තර තිබ්බා කියලා :D

    ReplyDelete
  8. ස්තුතියි හැමෝටම....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...