Saturday, May 14, 2011

එදා සහ අද

ඇගේ ලය ප්‍රදේශයෙන් උණුසුම් රුධිර දහරා ගලා යමින් පැවතින. ලේ වැකුණු පිහිය පසෙකය. පිහි ඇනුම නිසාවෙන් අප්‍රාණික වෙමින් තිබූ සිරුර, බමන මතින් සිටි ඔහුගේ සිරුරට බරවිය. ඇයව වත්තම් කරගෙන බිත්තියට හේත්තුවූ ඔහු එතැනම වාඩිවී, රුධිරයෙන් නැහැවුනු අතින් නිකට ඔසවා,

“ඉස්සර උඹ කිව්වානේ මගේ තුරුල්ලේම මැරිලා යන එක තරම් සැපක් උඹට නැහැ කියලා, ඕන් දැන් උඹේ පැතුම ඉෂ්ට වෙන්නයි යන්නේ”යි වදන් පටලමින්, ගොත ගසමින් පැවසුවේය.

“ඔව්............. මං එහෙම කිව්වා......................, ඒත් මං එහෙම කිව්වේ.................... මං එදා ආදරේ කරපු,................. මට පණ වගේ ආදරේ කියලා කියපු.................. ඒ දෙයියන්ගේ අතේ මිස................... අද මේ ඉන්න......................... කාලකණ්නි නරුමයාගේ අතේ නෙමෙයි යකෝ............................” එසැනින් ඇගේ අවසන් සුසුම වාතලයේ අතුරුදන්විය.

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

3 comments:

  1. දෙවියකු අතේ මියයාමට පැතූවද නරුමයකු අතේ මියගිය ගැහැණිය.

    දෙවියන් නරුමයින් බවට පත්වීමේ ප්‍රවණතාව ශූන්‍ය කල හැක්කේ කෙසේද?

    අපූරු කතාව.....රන්දිල්,

    ReplyDelete
  2. නියමයි අක්කේ.....

    ම්ම්ම්ම්ම් තව පොඩ්ඩෙන් ඕකේ අනික් පැත්ත ඇත්තටම වෙන්නත් ඉඩ තිබුණා......

    ReplyDelete
  3. හ්ම්ම්ම්..... මොනවා කියන්නද නියමයි කියනවා ඇරෙන්න. සිද්ධිය නෙමෙයි කතාව.......

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...