Wednesday, February 9, 2011

"අ" යන්නෙන් "අ ල ක් කු"

මේ බලන්න චූටි පුතේ... "අ" යන්න අම්මා..

ආ... චූටි පුතා කියන්න බලන්න "අ" යන්න.... මේ ඉන්නේ අ..ම්.මා

ඊයේ රෑ යාලුවෝ කට්ටිම බෝතල් දෙක තුනක් හිස් කරනකල්ම නට නටා.. හිටපු පොඩි එකා, දැන් මොකද මූ කට හොල්ලන්නෙ නැත්තේ. කට්ටිය වටවෙලා ඉන්න නිසා බයවෙලාද?

"ම්..හ් අම්මා කිව්වේ නැත්තන් අලියාහරි පෙන්නන්න කිව්වා" පොඩි එකාගේ අම්මා මිතුරාගේ කනට කරලා කිව්වා...
මෙන්න පුතා අලියා... "අ" යන්න අලියා

පොඩි එකා පොල්තෙල් පහන දිහා බලාගෙන ඉන්නවා.. සද්දයක් නෑ. අම්මටයි තාත්තටයි ෆුල් අප්සෙට්


මෙන්න පුතේ "අ" යන්න.... පොඩි එකාගේ අම්මා කිව්ව විතරයි ලග තිබුන පොල්තෙල් බෝතලය දිහා බලල හිනාවෙලා පොඩි එකා කිව්වේ එක වචනයයි

"අ ල ක් කු"

ලියා එව්වේ - නොම්මරේ (www.nommaraeka.blogspot.com)

11 comments:

  1. නොම්මර එකේ වචන සීයක්..! එල එල..! හිනා උනාට හිතන්න දෙවල් තියෙනවා මේ වචන සීය ඇතුලේ සාගරේකට..!

    ReplyDelete
  2. නොම්මලේටත් හිතෙන දේවල් හැබෑටම.............
    ලස්සන, අරුත්බර කථාවක්..........

    ReplyDelete
  3. මැක්සා.....ඇත්තටම ගොඩක් හිතන්න තියෙනවා....නියමයි...

    ReplyDelete
  4. @ රත්ගමයා..
    කෝ බොල ඉකේයියා....

    ReplyDelete
  5. ෆට්ටම ෆට්ටයි!

    ReplyDelete
  6. ලිෂා කිව්ව වගේම නොම්මර එකයි... සිම්පල් කතාවක් වුණාට කෙලවරකට යන්න පුළුවන්. සමහර විට පොඩි උන්ට ඕකෙන් අකුරු පටංගන්න වෙන කාලෙකුත් එයි. නොම්මර ඉවර වෙනකල් දිගටම ලියයි කියල හිතනවා ;-)

    ReplyDelete
  7. අදහස් දක්වපු සියළුදෙනාට
    මචන්ලා අකුරු සීයෙන් අසුවක් විතරම පට්ටපල් ඇත්ත.
    දැන් අපි පොඩි උන් ඉන්න තැන්වල බොන්නේ නෑ, බිව්වොත් බොන්නේ අරිෂ්ඨ... අලක්කු නෙවෙයි..:D

    ReplyDelete
  8. කොටින්ම මම මේ සටහන දැක්කේ මරේගේ වෝල් එකේ වෙන්න ඕනේ. දෙතුන් පාරක්ම ඇවිත් කියවලා ගියත් කියන්න ඕනේ මොකක්ද කියලා මතක් උනේ නෑ.
    සමහරක් මිනිසුන් හැසිරෙන විදියට පොඩි එකා අම්මගේ කුසේ ඉන්දෙදිම අරක්කු නොකියයි කියන්නත් බෑ නේද දැන් නම්....

    මරු වචන සීය...

    ReplyDelete
  9. සොලි සොලි... අකුළු සීය නෙවෙයි.. වචන සියෙන්ම අසූවක් පට්ටපල් ඇත්ත

    ReplyDelete
  10. පට්ටම 100 ය.
    හිතන්න ගොඩක් දේ ඉතිරු කරලා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...