Sunday, February 20, 2011

ආරච්චිකරණය®....

....................

කවුදෝ ලියපු ආදරේ ගැන සටහනක්...

කියවද්දි දැණෙනව...

ඇත්තමයි... ආදරේ වගේමයි....

මම ඇස් පියාගත්තා.

දැණුනා ඇගේ කෙස් රොදක පහස... මීදුමක් වගේ සියුම්ව...

....................

අදත් උදේ කෑමට ආදරේ...

මම බොහොම නිදහසෙන් ඉගිල්ලුණා මාවවත් නොදැණෙන සැහැල්ලුවකින්...

මල් කිණිති වල සුවඳ අද තරම් දැණිල නෑ මට...

....................

අදත් ආදරේමයි....

ඒත් අඬන්න ළං වෙලා... මොකක්දෝ අවුලක්!

කවුදෝ හිත රිදවල ගිහින්... හිත කීරි ගැහෙන මුස්පේන්තු හැඟීමක් එක්ක තනි වෙලා...

....................

අයියෝ... අදත් උදේ පාන්දරම ආදරේ හොටුත් පෙරාගෙන....

දුක නිවෙනකල් අඬපුදෙන්...

....................

ඇති යන්තං අද ඇඬිල්ල නැවතිලා...

ඒත් වචන වලින් වැලපෙන්න අරන්...

ඉවරයක් නැති කියවිල්ලක්...

....................

ෂිට්!

අද වෙ‍නමම කෙනෙක් දුක කියවන්න අරන්...

මුල ඉඳන්...

...................

හයියෝ...

හැමෝටම ආදරේ දැණෙන විධිය ආරච්චිකරණය® වෙලා...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

5 comments:

  1. ආදර කාලයක හරස් කඩක් වගේ කියලයි මට හිතුනෙ.

    ආදරේ ගැන දැනීම් හැඟීම් ඇතිකරගැනීම, සෙවීම, විඳීම,ඇබ්බැහිවීම, සාමාන්‍යකරණය වීම, මුලින් ඇතිකරගත් දැනීමට වඩා වෙනස් අද්දැකීම් සහ විඳීම් ලැබෙද්දි ඒවට ප්‍රතික්‍රියා දැක්වීම....

    මට ‍තේරුණේ නම් ඒ විදිහටයි. වැරදි වෙන්න පුලුවන්. මොනව උනත් ආරච්චිකරණෙ එළ වචනෙ.ඉහත තත්ත්වයටත් අදාල කරගත හැකි. :D

    ReplyDelete
  2. ආදරේ තැන් තැන් වල
    මරු
    මට හැබැයි ටොපික් එකේ තේරුම නම් තේරුනේ නෑ..

    ReplyDelete
  3. මේකට ඕන තරම් අර්ථ තියෙන්න පුළුවන්...

    ආදරේ ගැන වර්තමානයේ කියවන්න ලැබෙන දේවල් හරිම ඒකාකාරී බෝරිං දේවල් වීමයි ගලපන්න හැදුවේ... හැමෝම ආදරේ ලියන්නෙ එකම විධියට... ඒක ඔය අපි දන්න ආරච්චිලා සෙට් එකෙන් ආදරේ ඉගෙනගත්තු පරම්පරාවේ හඬද?

    ReplyDelete
  4. කාලෙකින් හරේගෙන් වෙනස්ම වර්ගයේ කතාවක්...
    :)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...