Saturday, February 5, 2011

නොලිව් ගීතය..

ඇයට තියෙන්නෙ ඉතාම ලස්සන දෑසක්. මම ඒ දෑසට ආදරේ වුණේ නොදැනුවත්වම.
ඒත්…
ඇය කවදාවත් මගේ වෙන්නෙ නැහැ. ඒ නිසාම මම වෙනත් තැන් වල හිත අලවන්න සෑහෙන උත්සාහයක් ගත්තා...
ඒ හැම එකක්ම ඇයටත් කිව්වා ඇයව ඉරිසියා කරවන්න…….
ඇයත් මට ආදරෙයිද දැන ගන්න.....
මම තවම ඒක දන්නෑ.
සුපුරුදු පරිදි අද උදෙත් අපි මුණ ගැහුනා. මම ඇයට පේන්න වෙනත් ගෑනු ළමෙක් දිහා උනන්දුවෙන් බලලා 'ලස්සනයි' කිව්ව. ඈ හිනා වුණා.
'මට අද කෑම නැහැ…..අම්මට සනීප නැහැනෙ' 
බසයේදි මම කිව්වා.
ඇය තිගැස්සුනා.
කතා නැතිව ඇගේ කෑම පාර්සලය බෑගයෙන් අරන් මට දුන්නා. අපේ ඇස් හමුවුණා.
ආදරය කියන්නේ ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.

ලියා එව්වේ - ගීත්

8 comments:

  1. නියමයි මචෝ... ක්‍රමයෙන් අදාල පොයින්ට් එක දක්වා එන කතාවක්. ඇත්තට ආදරේ කියන්නෙ ඒකත්නං නෙවෙයි තමයි :D

    ReplyDelete
  2. කාට කාටත් ඕක තේරෙන්නෙ නැති එකයි වැරුද්ද. කතාව අගෙයි.

    ReplyDelete
  3. / ආදරය කියන්නෙ I love you කියනවටම නෙවෙයි /

    ඇත්තම කතාව, ලස්සනයි,ගීත්,

    ReplyDelete
  4. පොඩි පොඩි හිතට දැනෙන කතා කියවන්න හැමදාම එන්නේ 100 ට තමා... ලිපිය ලියූ ආගන්තුකයා ජය!!!

    ReplyDelete
  5. රත්ගම මචෝ... මේක ලියල තියෙන්නෙ ගීත් කියල යාළුවෙක්. ඕක පෝස්ට් කරපු ඇඩ්මින් ගොයිය තමයි ආගන්තුකයා.

    ආදරේ මොකද්ද කියල හොයාගන්නනං අමාරු එකක්. ඒක ඔය කිව්ව වගේ අයි ලව් යූ නං වෙන්න බෑ. අපේ දෙමව්පියො ඕක කවදාවත් කියනව ඇහිල නැතුවට ඔය තාම ආදරෙන් ඉන්නේ... ලස්සන කතාව ගීත්...

    ReplyDelete
  6. ‘අයි ලව් යූ’ කියනවට නෙවෙයි කියල මට තේරුණා.
    ඔව් ඒක නම් ඇත්තම ඇත්ත

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...