පරතරය අවම කිරීම ගැන මේ දවස් වල ඕනෑ තරම් කථා වෙනවා. අය-වැය පරතරය, ඇති-නැති පරතරය. මේ කියන්න යන්නේ එදා කරපු අරුම පුදුම පරතරය අවම කිරීමක්. මේක උනේ ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එදා පැවැත්වුනු ක්‍රිකට් තරගයේදි. කුලසේකර ගහන්න පටන් ගන්නකොට.
බෝල 85 ලකුණු 155 පරතරය 70. ඊට පස්සේ
බෝල 80 ලකුණු 142 පරතරය 62,
බෝල 75 ලකුණු 129 පරතරය 54,
බෝල 70 ලකුණු 112 පරතරය 42,
බෝල 65 ලකුණු 104 පරතරය 39,
බෝල 62 ලකුණු 94 පරතරය 32,
බෝල 50 ලකුණු 74 පරතරය 24,
බෝල 25 ලකුණු 37 පරතරය 12,
බෝල 14 ලකුණු 21 පරතරය 7.
තරගය දිනුව වගේ සතුටක් දැණුනා.
ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)
Friday, March 30, 2012
Wednesday, March 28, 2012
සමාවෙන්න අනූ........
දන්නවද අනූ......
පුන්චි කාලේ මම හැදුනේ
ලොකු රස්සාවක් කරපු
මගේම නැන්දගේ ගෙදර...
එයාල මට ඉගෑන්නුවා
මාව මිනිහෙක් කලා
ඒ හැමදේටම අදටත් ගරු කරනව..
ඒත්....
මම පොල් කැඩුව
රෙදි, පිඟන්, වලන් සේදුවා..
හැතැක්ම ගානක් ගිහින් වතුර ගෙනාවා
අන්තිමට එයලා උණු බත් කද්දි පිළුණු බත් කෑවා
පාන්ගෙඩියේ වාටිය මට කන්න දුන්නා
මට දුක නෑ..
ඒත්.......
මට කවදාවත් මගේ දරුවට ඒ ටික වෙන්නදෙන්න බෑ
මම වැරැද්දක් කලා
මම ඔයාට ළන්වුනා
ඒ මම ඔයාට ආදරේ නිසා
ඒත් මට මගේ වගකීම් අමතක කරන්න බෑ..
මගේ සුරන්ගනාවි.....
ඒ ලස්සන ඈස් වලින් අහනවා
"අප්පච්චි මමත් ඔයා වගෙම අවාසනාවන්තද කියලා"
ඒක එහෙම වෙන්න දෙන්න බෑ....
සමාවෙන්න අනූ........ :((((((((
ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර

Monday, March 26, 2012
කතාකරලා වැඩක් නෑ එයා ගැන ...
"hiii....."
"haaloo.. අප්පේ ගොඩ දවසකින්නේ... කොහොමද ඉතින්?"
"හොඳයි අනේ.. මේ ටිකේ busy.."
"ඉතින් මොනාද විස්තර??"
"කියන්න තරම් විස්තරයක් නෑ.. කොහොමද
ඔයාගේ bf??"
"එයා නම් ඔය ඉන්නේ.. කතාකරලා වැඩක් නෑ එයා ගැන..."
"ඇයි? wts da prob??"
"i think he's gonna be a father"
"මොකක්? ඒ කියන්නේ ඔයා?? :-/ හැබැයි මම හිතුවා ඕනාවට වඩා රවුම් ගහද්දි ඕක කරගනී කියලා."
"ඇහ්?"
"මම හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා...."
"ඔයා මේ මොනාද කියවන්නේ??? ආ..හ් ops.. ROFL"
"?????"
"මගෙ ළමයගෙ father නෙමේ බොල.. මම කිව්වේ පල්ලියේ father ගැන.. එයාගේ වැඩේ කොයි වෙලෙත් පල්ලියේ.. හරියට පල්ලියෙ කණුවක් වගේ.."
"ඒක මිසක්.. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..."
ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා

Friday, March 23, 2012
වැලි කැටයයි, තරු එළියයි
මගේ ජීවිතේට ඔයා ලස්සන තරු එළියක් වගේ.. මම ඒ එළිය විඳිනවා.. ඒත් ළඟට ගන්න අමාරුයි.. ගොඩක් ඈතයි.. ඒත් මම දන්නවා ඒ තරුව මගේමයි කියලා.. මුළු ලෝකෙටම ඒක විහිලුවක් වෙන්න ඇති. මම කවුද ඔයා කවුද.. ඔයා තරුවක් නම් මම වැලි කැටයක්..
දිස්නේ දෙන තරුවක් එක්ක වැලිකැටයකටත් බැඳිමක් ඇති කර ගන්න පුළුවන් කියලා ඔයාවත් තාම දන්නේ නෑ.. ඒ කොහොමද දන්වාද.. ඈත ඉඳන් බබළන ඒ තරුවේ අහිංසක එළිය මේ වැලි කැටේට පරාවර්ථනය වෙලා, තරුවකට ලන් වෙන්නවත් අදහසක් නොතිබුනු මේ පුංචි වැලි කැටේට දිස්නයක් ඇවිත්.
(අනේ දෙයිවියනේ පව් අර අහිංසක වැලි කැටය තාම දන්නේ නැහැ ඒ තරුව මිය ගිහින් දැන් ශතවර්ශ ගණනාවක් වෙනවා කියලා.)
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, March 21, 2012
පාර්වතීගේ මංගල රාත්‍රිය
සාද, සුභ පැතුම්, නැති උනත් ඇයව කැන්දගෙන ආවා..,
ඒ ප්‍රේම සංවේදනා හොඳින්ම අඳුණන මා දන්නා හොඳම ගැහැණිය ඈ නිසා..,
මා නිවසේ ඉදිරිපස දොර වසා එනවිටත් පාර්වතී..,
ඔව් ඒ ඇගේ නම.
පාර්වතී හිටියේ කණ්නාඩියෙන් තමාදෙස බලාගෙන.
අපේ අප්පා කිව්වා මමත් දවසක මෙහෙම යන්න,
මහත්තෙයෙකුගේ යටතේ මෙවුන්දම් විඳින්න වාසනාව ලැබෙයි.
කියලා..,
ඔයා මා ගාවට සල්ලි අරන් ආවේ නෑ රාජේෂ්..,
ඔව්..!
අවසානයේ මම කතා කලා
මම අරන් ආවේ ආදරේ..,
මට අද දවසට විතරක් කරන්න එක ඉල්ලීමක් තියෙනවා..,
මොකද්ද??
මගේ ජීවිතේ වැඩිහරිය කලේ වෙන මිනිස්සුන්ගේ ආසාවල් නිවපු එක
හැම රැයකම මගේ වම් පැත්තේ මිනිහෙක් නිදාන හිටියා
අනේ රාජේෂ්
මට අදට විතරක් තනියම නිදන්න දෙන්න
ලියා එව්වේ - පබ්බත (http://wadihitikawi.blogspot.com/)

Subscribe to:
Posts (Atom)