Friday, March 30, 2012

මහා භාණ්ඩාගාරයේ අලුත්ම ලේකම් - නුවන් කුලසේකර?

පරතරය අවම කිරීම ගැන මේ දවස් වල ඕනෑ තරම් කථා වෙනවා. අය-වැය පරතරය, ඇති-නැති පරතරය. මේ කියන්න යන්නේ එදා කරපු අරුම පුදුම පරතරය අවම කිරීමක්. මේක උනේ ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එදා පැවැත්වුනු ක්‍රිකට් තරගයේදි. කුලසේකර ගහන්න පටන් ගන්නකොට.

බෝල 85 ලකුණු 155 පරතරය 70. ඊට පස්සේ

බෝල 80 ලකුණු 142 පරතරය 62,

බෝල 75 ලකුණු 129 පරතරය 54,

බෝල 70 ලකුණු 112 පරතරය 42,

බෝල 65 ලකුණු 104 පරතරය 39,

බෝල 62 ලකුණු 94 පරතරය 32,

බෝල 50 ලකුණු 74 පරතරය 24,

බෝල 25 ලකුණු 37 පරතරය 12,

බෝල 14 ලකුණු 21 පරතරය 7.

තරගය දිනුව වගේ සතුටක් දැණුනා.


ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

11 comments:

  1. එතකොට සුප්‍රීම් කෝට් කන්ඩෙම්ඩ් ජයසුන්දරට මොකද වෙන්නේ?

    ReplyDelete
  2. ලෝකයේ ගොඩක් ඉන්නේ කථාවෙන් කියන දේ ක්‍රියාවෙන නොකරන අය. ඒත් නුවන් කුලසේකර ප්‍රායෝගිකවම එය කල හැකි බව පෙන්වා දුන්නා.

    ReplyDelete
  3. ඕක කුලසේකර නිතර කරන දෙයක්. හැබැයි පරතරය අඩු කරල දුන්නට අනිත් උන් මැච් එක කනව.

    ReplyDelete
  4. කව්ද බොලේ ඒ ඔබ්සර්වර්.....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් බැලුවේ..

      Delete
    2. මං මේ ලංකාවේ ඉන්න Observer කෙනෙක්. මට බ්ලොග් එකක් නෑ.

      Delete


Related Posts Plugin for WordPress, Blogger...