“අංකල්, ඕස්ට්රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.
“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා.
මම ඔල්මොරොන්දම් වුණා.
ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්රෙලියන් එම්බසිය දෙස ඇහැක්වත් නොහෙලා ඉස්සරහ අතුරු පාරෙන් හැරුණා.
මගේ ලොකු ඇස් දිහා බලලා.“බයවෙන්න එපා මහත්තයා. ඔයාකාරෙ
ඇඳුමකින්, ඔය වයසෙ දැරිවියක් වයලින් එකක් උස්සගෙන කවදාවත් එම්බසියක්
හොයන්නෙ නෑ.
මේ කලින් හම්බවුණු අය පාර කියලා එවපු විදිහෙ වරද“ කියලා අංකල් තවපාරක් හිනාවුණා.
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)