Wednesday, February 19, 2014

වාත ගුගලා

ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.

ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.

පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය.

අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන එන තැන් ගැනත් ගුගලාට ඕනනං හොයන්ඩ පුළුහංය.

ඊයෙ පෙරේදා ඉඳන් මූට කලින් දුන් පෝන් අංකෙ මදි කියා තව එකක් ඉල්ලනවාය.

මුංගෙ රෙද්දෙ සෙකුරුටිය. දැන් නං ගුගලා ඕනවට වැඩිය.

ගුගලගෙ මාළු ගුගලගෙ ඇඟේ තබා කපන්න බැරි නිසා කට පියාගන්නවාය.


ලියා එව්වේ - hare :-)

6 comments:

  1. මට නං තාම එච්චර කරදරයක් වෙලා නෑ..

    ReplyDelete
  2. හැම එකාම ඔහොමයි. මුලින් හොඳයි ඊට පස්සෙ කොටියක් ප්‍රශ්න

    ReplyDelete
  3. hariyatama hari ..
    matah okava penda ba ..

    ReplyDelete
  4. hariyatama hari ..
    matah okava penda ba ..

    ReplyDelete
  5. ගූගල් මලයා දැන් නම් ඕනේවට වඩා කරදරයක් වෙලා තමයි.
    ඒත් බහුතරයක් දේවල් ඉන්ටර්නෙට් හරහාම කරන්න ඕනේ රැකියාව කරන අපි වගේ අයට ගූගල් ලොකු උදව්වකුත් කරනවා. මගේ බේස් ස්ටෝර් එකත් ගූගල්. ඌ ෆේල් වෙලා සමහරක් ඩොකියුමන්ට් නැතිවුනොත් අපි වගේ අයට මොනවා වෙයිද දන්නේ නෑ. මම නම් දැන් අත්‍යාවශ්‍යම දෙයක් හැර කිසිම දෙයක් ප්‍රින්ට් කරන්නෙත් නෑ හැමදේම ගූගලාට විතරක් බාර දෙනවා. හිටි ගමන් අඩෝ මේ තියෙන්නේ කියලා ෆයිල් දෙසීයක් තුන්සීයක් විතර ආ මේ තියෙන්නේ කියලා පෙන්වනකොට මැජික් වගේ වුනාට මාර හැෆි හලෝ...
    ගූගලා එක්ක තරහා වෙන්න බැරි ඕකනේ.

    ReplyDelete
  6. ගුගුලා තවමත් දෙයියාය..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...