මට මේක හැමදාමත් කරන්න බැහැ ඔයාලගේ අම්මට කොච්චර කිව්වත් වැඩක් නැහැ ඇඳේමයි
ජරා කරන්නේ. මට පුළුවන්ද හැමදාම ඔය ජරාව අදින්න. ඉක්මනටම එයාව කොහේ හරි
ගිහින් දාන්න නැත්නම් මන් යනවා අපේ ගෙදර.
ලබන සෙනසුරාදට මොකුත් වැඩ නම් දාගන්න එපා. මිසිස් සිල්වියාලගේ බලු
අයිතිවාසිකම් සුරෑකීමේ සංවිධානයෙන් පාරේ ඉන්න බල්ලෝ හදාගන්න දෙන උත්සවයක්
තියෙනවා ඒකට යන්නම ඕනේ අපි.
අනේ බලන්නකෝ මේ පැටියා, මොන හිතකින් මිනිස්සු මුන්ව පාරට ගෙනත් දැම්මද මන්දා අපි මූව හදාගමු නේද??...
දැන් කවුද මේකව නාවන්නේ, කවන්නේ, පොවන්න, උගේ ජරාව අදින්නේ?
මන් කරන්නම්....
දැන් කොහෙද මූව ගිහින් දාන්නේ කූඩුවක්වත් නැතුව...
ඇයි ඔයාලගේ අම්ම හිටපු එළියේ කාමරේ තියෙන්නේ දැන් ඒක හිස් නේ.
ලියා එව්වේ - නිෂාන්
Monday, October 22, 2012
Friday, October 19, 2012
කාර්තිශා!
ගත දවනා ගිණි අව්වේ
ලියා එව්වේ - පූසා (http://sudupoosa.tumblr.com/)
කර්කශ වූ මහ පොළොවේ
අරුම පුදුම ලෙසින් පිපුණ
රෝස පැහැති රෝස මලකි
මටනම් නුඹ
කාර්තිශා…..
ආමි ඇඳුම් දැක ඔරවන
කොළඹ උන්ට සිහන සලන
පුදුකුඩියිරිප්පු හන්දියේ හිඳ
තඹ පෑ දූවිල්ල මැද්දේ
මිදි විකුණන
කාර්තිශා…..
බිත්තියේ ඇති උණ්ඩ පාර
සුළඟිල්ලෙන් හාර හාර
උකුලු මුකුළු සිනා බසින්
“මාත්තියා… මාත් කොළඹ අරං යන්න”
කියා නුවන් කොණින් බලා
මගෙ හදවත නවතා ලූ
සුරඟන නුඹ
කාර්තිශා…..
“එන්න මාත්තියා ගන්න මේවා”
“යාපනේ තීන හොඳම ඒවා”
කනට කරලා හොර රහසින්
“මේ ගාණට මාත්තියාටමයි”
ඇස් ලොකු කර මදෙස බලා
ඇහැක් ගසා සිනහා පපා
වැඩි ගාණට
තැලිච්ච මිදි
පොකුරු පිටින් මට විකුණුව
දෙව් දුව නුඹ
කාර්තිශා!
ලියා එව්වේ - පූසා (http://sudupoosa.tumblr.com/)
Wednesday, October 17, 2012
මාලය
පිරිමි දහසයක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගි වූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.
වැස්ස. කොළඹ නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.
අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.
“ආ...!“
මේසය මත තිබූ මාලය ගත් ඈ එය මා වෙත දිගු කලාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.
“මොකටද....?“
“අරන් යන්න ...!“
“කොහාටද....?“
“යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.“
“කවද්ද...?“
“ඊලඟ දවසෙ....!“
***********************************************
ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට පසුව එළඹුණි.
මාලය. මම යලි ඇය වෙත පෑවෙමි.
ඇය. වහා පැන මාලය ගත්තාය. ආදරයෙන්. ආශාවෙන්. උනන්දුවෙන්.
“දැන් මට පුළුවනි මෙයාගෙන් අහගන්න ඔයා මං නැති අතරෙ මොකද කලේ කියල.....!“
ලියා එව්වේ - අනිල් (http://wasnthayeaga.blogspot.
Monday, October 15, 2012
රේල් පීලි
රේල් පීලි දිහා හුඟ වෙලාවක් බලාගෙන හිටිය නිසා මට ඒවා පෙනුනේ බොඳ වෙලා. හරියට එකතු වෙලා වගේ. ලොකු කලබලයකින් මගේ වටේට ලෝකය කැරකුනා. කෝච්චි ආවා. ගියා. සෙනඟ ඒවාට නැග්ගා. බැස්සා. ඈත යකඩ කටකින් මොන මොනවාදෝ කිව්වා. මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. පෙනුනෙත් නැහැ. ඊට වැඩිය කලබලයක් මගේ හිත ඇතුලේ පෙරලුනා.
ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ දැනුනා. මං උන්නු බංකුව පිටිපස්සෙන්.
“ඇයි?”
මම ඔලුව නොහරවාම ඇහුවා.
“ආයෙත් සැරයක් මූණ බලන්න. අන්තිම සැරේට.” ඈ ඇහෙන නෑහෙන ගානට කිව්වා. කෝච්චියක් ඇගේ හඬ උදුරා ගත්තා.
මම රේල් පීලි දිහා බලාගෙනම හිටියා.
ඈ ටික වෙලාවකින් යන්න ගිය බව මට දැනුනා.
ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)
ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ දැනුනා. මං උන්නු බංකුව පිටිපස්සෙන්.
“ඇයි?”
මම ඔලුව නොහරවාම ඇහුවා.
“ආයෙත් සැරයක් මූණ බලන්න. අන්තිම සැරේට.” ඈ ඇහෙන නෑහෙන ගානට කිව්වා. කෝච්චියක් ඇගේ හඬ උදුරා ගත්තා.
මම රේල් පීලි දිහා බලාගෙනම හිටියා.
ඈ ටික වෙලාවකින් යන්න ගිය බව මට දැනුනා.
ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)
Friday, October 12, 2012
කඩ්ඩ තමා
විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය.
සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.
“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“
“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“
“එහෙමයි“
“ලේසිද?“
“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“
“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“
ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.
“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“
“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“
“එහෙමයි“
“ලේසිද?“
“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“
“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“
ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
Subscribe to:
Posts (Atom)