Wednesday, September 26, 2012

කාන්තා විමුක්තිය...


එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.

මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ලෙඩ නිවාඩු හැටියට. ක්‍රීඩා වල ගැහැණු පිරිමි කියලා වෙනම තරග තිබ්බේ නැති නිසා එයාලට කිසිම තරගෙකින් දිනන්න බැරි උනා.

අන්තිමට ගෑණු කාන්තා සංවිධාන හදං පාරට බැස්සා. තමන්ට පුරුෂයන් හා සම තැනක් එපා කියලා. තමන්ට සමාජේ නිසි තැනක් ඕනෙය කියලා.



ලියා එව්වේ - ෴පූසා෴ ( http://sudupoosa.blogspot.com/)

18 comments:

  1. ෂොක් කතාව.කාන්තාවට සමතැන එපා.. නිසි තැන දුන්නම හරි.ඒක තාම කාන්තාවෝ දන්නේ නෑ. නිසි තැන මොකද්ද කියලාත් එයාලා දන්නේ නෑ. ඒක බලෙන් ගන්න බැරි හිමි වන දෙයක් විතරයි.

    ReplyDelete
  2. haffoi. Ape un dakkoth ehe yanna try karai, moka nethi unath sama thena thiyanawane kiyala.

    ReplyDelete
  3. කවද්ද අප්පා මේ රටේ බස් එකක පොරකන් නැතුව බස් එකකට නැග්ගම ගෑණියෙක්ට සීට් එකක් හම්බුනේ.... පිරිමි ටික පොරකාලා නැග්ගට පස්සේ තමා ගෑණු ටිකට නඟින්න හම්බුවෙන්නේ.... හි හි.. බඩක් උස්සගෙන නැග්ගාමත් කොන්දා කැගහලානේ සීට් එකක් අරං දෙන්නේ....

    ක්‍රීඩාවලදි පිරිමි පරද්දන්න පුළුවන් ගෑණු ඉන්නවා... මොලෙන් පිරිමින්ව පරද්දන්න පුළුවන් ගෑණු ඊට වඩා ඉන්නවා... එදාට පිරිමියාට නිසි තැන ගෑණියෙන්ගේ යට‌තේ වැඩ කරන එක වෙන්න පුළුවන්....

    ගෑණියෙන්ට නිසි තැන කුස්සිය කියන රටක කොහොමද මනුස්සයෙක් හැටියට ඒක පිලිගන්‌ෙන්..... ඒක අසාධාරණ නැද්ද......? විශේෂයෙන්ම මනුස්සයා කියන සතාට ගෑණු පිරිමි භේදය තියෙන්නේ වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක් වේගෙන යන මේ කාලේ......

    පූසාගේ කතාව හොදා.... සමතැන් නම් එපා... මල වදයක්... නිසි තැන මොකද්ද කියලා හරියට විස්තර කරනවා නම් අන්න එදාට සලකා බලන්න පුළුවන්.... හි හි....

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් තිබ්බ. එක නැති කර ගත්තේ අපේ ගැනු නෙවේ. හැබයි එක නැති කරන්න උදවු කලේ අපේ ගැනු

      Delete
    2. වචන සීයයකින් හැමදේම කරන්න බෑ! වැඩේ කියන්නේ හිරුගේ කමෙන්ට් එකත් වචන 100ට වැඩියි!

      Delete
    3. නිසිතැන විස්තර කිරීම කාන්තාවන් සතු කාරියකි..

      Delete
    4. ඔව් ගෑනුන්ට එක දෙයක් කල හැකි..එක තමයි ගෙදර පඩික්කම තියාගෙන අල්ලපු ගෙදර පඩික්කමට කෙල ගහන එක..අනේ මගේ කට..

      Delete
    5. ක්‍රීඩාවෙනුයි, මොලෙනුයි හැම අතින්ම ඔය කියන විදිහට පිරිමින්ව පරද්දන්න පුලුවන් ගෑනු ඔච්චර හිටියනම් ඇයි උන්ට බැරි උනේ උන්ට ඕන විදිහට ලෝකෙම හදාගන්න? ඇයි ගෑනුන්ට විශේෂ වන ප්‍රශ්න කියාගෙන අනුකම්පාව ගන්න යන්නේ? ඇයි ගෑනුන්ගේ ආරක්ෂාවට පිරිමින් ලවුවම නීති හදවගෙන පිරිමින් ලවුවම ක්‍රියාත්මක කරගන්න යන්නේ? ඔය කියන පිරිමින් පරද්දන්න පුලුවන් ගෑනුන්ට ඒ ටිකත් තනියම කරගන්න තිබුන නේද? අනෙකගෑනු පිරිමි භේදය ඕන වර්ගයා බෝ කරන්න විතරක් උනත් ඔය පිරිමින් පරද්දන්න උමතුවක් තියෙන ගෑනුන්ට ළමයි හදන්න උවමනාවක් කොහෙද තියෙන්නේ? උන්ට වර්ගයා බෝකරන්න තියෙන උවමානවක් නෑ. තියෙන්නේ තමන්ට පිරිමි අවයවයක් තියෙනව කියල හිතාගෙන විකුර්ති කාමුකත්වය වර්ධනය කරන්න උවමනාවක්. තවත් එකක් තියෙනව ඔයගොල්ලන් වගේ කුස්සියටයි හැඳිමිටටයි උමතුවෙන් බැනබැන කාලයගතකරන ගෑනුයි උන්ට උඩගෙඩි දෙන වැඩබැරි පොන්න පිරිමියි කොච්චර වැරදියි කිවුවත් කුස්සිය කාන්තාවන්ට ස්වභාවධර්මයෙන්ම නියමෙට ගැලපිලා තියෙනවා. උන් කොච්චර වැරදියි කිවුවත් එවුන් වැරදියි ක්යන දේ ලෝකේ පවතිනවා විතරක් නෙවෙයි වැඩිදියුණු වෙමින් ඉදිරියටත් යනවා. ඔය මොන්ගල් කාන්තාවිමුක්තියට ගිය බටහිර රටවලුත් දැන් වේගයෙන් මුස්ලිම්කරනය ව්ඣෙන්නේ උන්ගේ රටේ ආවේනික මිනිස්සුන්ගේ වර්ගයා හරියට බෝකරගන්න බැරුව. ගොන් ආතල් පැත්තක තියලා ප්‍රායෝගික ලෝකයේ ජීවත් උනොත් හොඳයි.

      Delete
    6. වර්ගයා බෝකරන එක ගැන නොදන්න බම්බුවක් කතා නොකර හිටපන්. වර්ගයා බෝකරන්න ඉස්සර වෙලා තමන් ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල පැහැදිලි මතයක් වගේම එකිනෙකාගේ ලිංගිකත්වයේ ගැලපීම් ඇතිකරන ගෑනු පිරිමි සමාජ හැඩගැසීම් ඕනේ. ඔච්චරටම ගෑනු පිරිමි වර්ග කිරීමට අකමැතිනම්, පිරිමින්ව පේන්න බැරිනම් වර්ගයා බෝකරන එක ගැන කතා නොකර කට පියාගෙන හිටපන් වෙන වැඩක් බලාගෙන.

      Delete
  4. බඩ තියෙන අයට ලෙඩ නිවාඩු දිපු එක නං හොද වැඩක්....

    ReplyDelete
  5. පාලකයිනි ලංකාවෙත් ගෑනුංට සමතැනම දීපියව්!!!!!!!!!!!!!

    ReplyDelete
  6. සමතැන මාත් දෙන්න ට්‍රයි කරනවා කොයි ගන්නේ නෑනේ :D

    ReplyDelete
  7. හැමෝටම ස්තූතියි!

    ReplyDelete
  8. මම නම් කියන්නේ සම තැන දෙන්න කියලා, හැබැයි ඉට පස්සේ ඒ ගොල්ලන්ට වන වාසි- අවාසි එගොල්ලොම විඳගන්න ඔනේ කියලයි මම කියන්නේ, අනික ලෙඩිස් ෆස්ට් කියන නිතියත් අයින් කරන්න ඔනේ....සමහර විට ගොඩක් වාසිත් ලැබෙයි, එ වාගෙම අවාසිත් ඇතිවෙයි,

    ReplyDelete
  9. කියන්න ඕන ටික නියමෙටම කියල තියෙනවා. මේ වචන ටිකෙන් කාන්තා විමුක්තිය උඩ දමාගෙන ගෙනියන මෝඩ ගෑනුන්ට හොඳ උත්තරේකුත් ලැබිලා තියෙනවා. ඉතා අනර්ඝයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...