Tuesday, September 28, 2010

ස්වභාවය, ධර්මය සහ කෝම් පිට්ටු

මිනිස්සු අළුතෙන් හොයාගත් කිසි දෙයක් මේ ලෝකෙ තියෙනවද කියන ප්‍රශ්නෙ ආයෙත් හිතට ආව.

කලින් කවදාවත් සිද්ධ නොවිච්ච කවදාවත් මිහිපිට නොතිබුනු දෙයක් අළුත් දෙයක්ය කියන අර්ථයෙන් බැළුවොත් විදුලිය, රූපවාහිනිය, සිලි සිලි බෑග් එක, වගේ දේවල් අළුත් දේවල්. මොකද ඒව යම් මිනිසෙක් හෝ කාණ්ඩයක් හදල වපුරන තුරු නොතිබුණු දේවල්.

ඒත් මේ හැමදෙයකම ඇතුලාන්තය, යම් දෙයක් සිදුවෙන විදිහට ද්‍රව්‍යමය දේ යම් රටාවකට පෙල ගැස්සවීම විතරයි නේද?

පොල්කට්ටකට වැලි ටිකක් තද කරල ඩිංගිත්තෙක් හදපු කෝම් පිට්ටුවක් වගේමයි. තවත් සොයාගැනීමක්...!

නේද?

'මෙහෙම කලොත් මෙහෙම වෙනවා' ඒ තමයි දැණුම. කොහොම කලොත් දැයිත් අපැහැදිලියි බොහෝවිට.

වැදගත්ම දේ අපිත්, අපේ හිතුත්, කරන කියන දේත්, මේ ධර්මතාවට පිටින් නොයාමයි.

ලියා එව්වේ - ලොකු ( http://www.ransirimal.com/ )

4 comments:

  1. ඔළුවට වැඩක්!

    මට හිතෙන්නෙ නම් අළුත් වෙන්නෙ මිනිස්සු හි‍තන විධියයි. අළුතින් දෙයක් කියල යමක් ලෝකෙට එකතු වෙන්නෙ තිබුණ දෙයක් දිහා අළුත් ඇහැකින් බලල ඒකෙන් වෙනත් යමක් නිර්මාණය කිරීම හරහායි නේද?

    කෝම් පිට්ටුවම ගත්තොත් නිකංම නිකං වැලි ගොඩක් එක්ක පොල්කට්ටක් තිබුණු පලියට පොඩි එකෙක්ට කෝම් පිට්ටුවක් හදන්න බෑ. එයා ඒ ගැන හිතල උත්සාහ කරන්න ඕන. ඒ හිතන විධිය අනුව හැදෙන දේ අළුත් නිර්මාණයක්...

    ඒකෙදි මෙහෙම කලොත් මෙහෙම වෙනවා කියන එක තමයි තියරිය.

    ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියල ඔය ලොකු පොරවල් කියන්නෙත් ඒකමද? ;-)

    නියම සටහනක් මචෝ....

    ReplyDelete
  2. එහෙම බැලුවොත් නම්, අලුතින් දෙයක් නිර්මාණය වී නැති තරම්. පවතින පද්ධතිය ‍අපිට ඕනෑ හැටියට වෙනස් කර ගැනීමයි සිදුවී ඇත්තේ

    ReplyDelete
  3. චුට්ටක් හිත එක්ක අතරමන් උනා නම් මොහොතක් අපිට හුගාක් අලුත් නිර්මාණ දකින්නට පුලුවන්

    ReplyDelete
  4. කොයිතරම් වෙනස් වෙන්න අළුත් වෙන්න මොනා වෙන්න හැදුවත් ඔය කියන ධර්මතාවයට පිටින් යන්න බැහැ නේද? බැලුවම අපි ඉන්නේ ලොකුම ලොකු රාමුවක් ඇතුලේ කොයි තරම් එළියේ කියලා හිතුවත් ඉන්නේ ඒක ඇතුලෙමයි..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...