Thursday, December 9, 2010

තෙවැනි විනිසුරු

ඔවුන් සැලසුම් සහගතව මා දුවද්දී දැවීයාමකට කොටුකරගෙන ඇතැයි මා වටහාගන්නා විට සියල්ල සිදුවී හමාරය...

තුන්වන විනිසුරුගේ සංඥාව මත සියල්ල තීරණය වනු ඇත.

බොහෝ දේ අහිමි වීමට ඉඩ තිබූ තරඟයක මා සිටියේ ඉක්මනින් ලකුණු විශාල ප්‍රමාණයක් රැස් කරගැනීමේ දැඩි උවමනාවෙනි. උන් ඒ වග තේරුම් ගෙන සිටින්නට ඇත. ඒ නිසාම රැකවල් යොදා තිබුණේ ලිහිල්ව පෙනෙන නමුත් සූක්ෂමවය. දුර්වල තැන්වලට පන්දු යවා මා දවාගැනීමට වඩා උන්ට ඕනෑ කලේ මාව වැරදි පහරකට පොළඹවාගන්නටය.

එක් ලකුණකින් සෑහීමකට පත්වන්නට ආසන්නව උන් අවස්ථාවක දෙවෙනි ලකුණ සදහා මට ඇරියුම් කලේ එහා අන්තයේ උන් මගේ අතිජාත මිත්‍රයාය. ඔහුත් උන්ගේ උගුලේ කොටසක් වන්නට ඇත.

ඈ කුසලානය මෙන්ම තුන්වෙනි විනිසුරුද වූවාය..

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

13 comments:

  1. නියමයි මිත්‍රයා!

    ReplyDelete
  2. සුපිරියි හො‍ඳේ....

    ReplyDelete
  3. නියමයි, ඉතා කදිමට ලියලා තියෙනවා !!

    ReplyDelete
  4. පළවෙනි වාක්‍යය දකිද්දිම රචකයා හඳුනා ගතිමි මලේ ...

    ReplyDelete
  5. ඇත්තම කියනවා නම් ඔබතුමා සීයට ලිව්ව කතා වලින්.. මේ කතාව විතරයි මම පැහැදිලිව ම තේරුම් ගත්තේ..

    ReplyDelete
  6. රවා අයියා ලීවොත් ඉතින් ඇ‍ඬෙන්න ලියලා ඇති.. ෆට්ට!

    ReplyDelete
  7. නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි.

    ReplyDelete
  8. @ලමයා මේ රවා අයියා නෙමෙයි.. රේවන් කියලා අයියා කෙනෙක්... තුන්වෙනි විනිසුරුතුමා ගත්ත තීරණය කොයි වගේ වෙන්න ඇද්ද කියලා හිතෙන පසු කතාවක් ඉතිරි වෙනවා.. නියම සටහන මචං..

    ReplyDelete
  9. මේක නම් සුපිරි..

    ReplyDelete
  10. @ආගන්තුකයා,Ansh - බොහොම ස්තූතියි.

    ReplyDelete
  11. ඈ කුසලානය මෙන්ම තුන්වන විනිසුරුද වූවාය,

    අසාධාරණයි, ඒ උනාට වෙන්නෙත් ඕකමයිනෙ,

    ReplyDelete
  12. හොදට හිතුවම....අපි හරි කියලා අපිට බර ගන්න වෙන ගොඩාක් තීරණ...අසාධාරණයි....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...