Tuesday, August 23, 2011

මෙගා

එහා ගෙදර ඇන්ටනාව
නිතර මෙහා පැත්තට නැවෙන

අම්මාටම උසුළු විසුළු කරන
අපිට නෑසෙන්න
හෙමිහිට

'කෝ දැන් නැෂනල් ජියොග්‍රැ‍ෆික්
ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන
ස්ටාර් මූවීස් '
අම්මා රකියි මුණිවත
ගෙතුළට වැදී
ලක්හඩ අහමින්

රාත්‍රියට සද්දෙ වැඩිවන
සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන
අම්මා එවිටත් ලක්හඬ අහන

'ටීවී නම් නැතුවත් කම් නැත
බලන්න තියෙන නිදහස
අර ඇන්ටනාව තමයි මට කරදර
ඊයේ පෙරේදා සිට
මටම හිනාවෙන '

ඩයලොග් ටීවී උදාරම් ලෙස
වහලයේ පැත්තක මළකඩ කන
'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'
දත් කූරු කමින්
ඇන්ටනාවට බණින

අම්මා වැඩිපුර ගෙතුළ ‍රැදෙන
කුරුල්ලන් බලන්නත්
දැන් එළියට නොයන
ඉදහිට සංසලාවත් මතක් කරන
මෙගා ළඟ අසරණ හරි පුංචි කත

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

5 comments:

  1. ඒ උනාට බුඩිස්ට් චැනල් එක කපන්නේ නෑනෙ. අම්මට කියන්ඩ ඒක බලන්ඩ කියල. මමත් සෑහෙන කාලෙකින් බිල ගෙව්වේ නෑ. ඒත් අපේ අම්මල දිගටම බුඩිස්ට් චැනල් බලනව.

    හිකිස්...
    මරු!

    ReplyDelete
  2. මේක මරු අමිලා. ඕක අපේ අම්මට දානවනං 'ලක්හඬ' කියන එක 'රංගිරි ශ්‍රී ලංකා' කරන්ඩ වෙනවා.

    ReplyDelete
  3. අම්මගෙ ඔය වයසට බණ පොත් කියවනවට වඩා සංසලා හොඳ නිසා මමත් අරං දුන්නා... අප්පේ ඒක නිසා කොයි තරම් දේවල් ෂේප් වෙනවද?

    ReplyDelete
  4. පොඩි අදහසක් ආව, බිල ගෙවල නැතුව රූපවාහිණි කපල කියල, හරියටම තේරුනේ නැහැ.

    ReplyDelete
  5. @observer,
    ආපු අදහස හරි.බිල ගෙවල නැතිව ඩයලොග් ටී.වී කපලා.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...