Wednesday, December 19, 2012

මමද ආදරේ? මටද ආදරේ?

මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...
ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!
දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව...
"යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"
ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...
මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා!
ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි!
එයා සම්බන්ධය නවත්වපු දවසෙ මට කිව්වෙ...
"මම ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ"

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com/)

8 comments:

  1. දැන් ඉතින් කියහන්කෝ ඕක කොහොමද හොයා ගන්නේ කියලා

    ReplyDelete
  2. මුදියන්සේ කියන කතාව හරි. කොහොමද එහෙම කෙනෙක් හොයා ගන්නේ

    ReplyDelete
  3. මම ආදරේ කරන කෙල්ල මටත් ආදරේ කරනවා නම්!!!

    ReplyDelete
  4. දෙපැත්තම සමබර උනා නම් වැඩේ ගොඩ නේද...
    අපිට ආදරේ කරන කෙනාට අපි ඊටත් වඩා ආදරේ කරන්න ඕනෙ.ඒක ඉතින් දෙන්නගෙ අවබෝධය මත තමයි තීරණය වෙන්නෙ...
    එහෙම උනොත් ආදරේ හැමදාමත් පවතීවි...

    ReplyDelete
  5. දෙන්නම දෙන්නට ආදරේ කරන්න ඕනි..
    නැත්තම් තේරුමක් නෑ කිසිම ආදර සම්බන්ධයක..
    අවංක වෙන්න පුළුවන් දෙන්නම දෙන්නටම ආදරේ නම් විතරයි..
    ඒ කෙනා වෙනුවෙන් ඕනිම දෙයක් කැප කරන්න පුළුවන් වෙන්නෙත් එතකොටයි..
    ආදරය කරන කාලය දික් වුනා කියල ආදරේ නොකරපු , නමට ආදරවන්තයෝ වුන අය ඕනි තරම් ඉන්නවා..
    ඇත්තටම මොහොතකට හරි ආදරේ කරා නම් කවමදාකවත් ඒ දෙන්නට දෙන්නම අහිමි වෙන්නේ නෑ..
    අහිමි කරගෙන ඉන්නත් බෑ..

    ReplyDelete
  6. කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ එහෙම කෙනෙක්ව

    ReplyDelete
  7. ඔය දෙකම නැතුව කවදාවත් ආදරයක් වවත්වාගෙන යන්න බැරි බවයි මට නම් හිතෙන්නෙ, හැබැයී හරිම කලාතුරකින් තමයි එහෙම වෙන්නෙ
    (සටපික්වලයා)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...