Sunday, August 21, 2011

එම්බා බම්බලපිටිය


චපල අව් ‍රැල්ලකින් වැසුණු
එම්බා බම්බලපිටිය
කහ ඉරි මත ඇඳි මිරිඟුව මකනු
තොප මහා නරුමයෙකි
අපිව වතුර සොයන්නම
පොළඹවන

අත් අල්ලා එහා පැත්තට
බය වැඩි නම් අතැඟිලි අල්ලනු
බය වැඩිම නම් බඳ වටා අත දමනු

එම්බා බම්බලපිටිය
එම්. සීයේ වතුර බෝතල ඇත
කහ ඉරේ බොරු මිරිඟුවට
අපි පයින් ගසන්නෙමු
ලජ්ජා වනු ! ලජ්ජා වනු !
ඕනෑම නම් අපි පොප්කෝන් ගමු
තොල කට තෙමෙන්න වතුර බොමු

එම්බා බම්බලපිටිය

මේ ඉර බෑගයේ දමා ගනු
අර රතු බොත්තම ඔබා
වැසි මැෂිම ක්‍රියා කරවනු

අලුත් ඔඩෙල් කුඩයේ අලි යටින්
හොඬවැල යටින්
එකට වෙළී
අපි පාර පනිමු
අර පිස්සු කහ ඉරෙන්
අපිට විතරක්
රතුවට පෙනෙන


ලියා එව්වේ - කාංචනා අමිලානි (http://www.thinkland.net/)

5 comments:

  1. ආදරෙන් පිස්සු වැටිලද?

    ReplyDelete
  2. බුදු අම්මෝ! ගමකට මේ වගේ කෑ ගහනවා දැක්කමි.මොනා වුණත් මරු ඈ!

    ReplyDelete
  3. අක්කේ එතකොට එම්බා කොල්ලුපිටිය??? හිකිස්

    ReplyDelete
  4. ඇයි එම්බා දෙහිවල...? පාර පැනලත් හරි තැනක් නෑ... ඒ අතින් එම්බා බම්බා හොඳයි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...