Monday, October 25, 2010

සමනලයා..

මලෙන් මලට පියාබලා
අන්තිමටම
රෝස මල ලඟ...
මම බලාන හිටියා
ලස්සන සමනලයෙක්
ඊටත් වඩා ලස්සන රෝස මලක් ලඟ....
සුලගත් එක්ක
දෑනුන සුවද
ඔයා මගේ ලගමයි කිව්වා
මම හැරිලවත් බෑලුවෙ නෑ...
"බලන්න ...."
ඔයා කිව්වා
"බෑ"
"ඇයි"
"බැරිනිසා"
"ආදරෙයිද??"
"දන්නෙ නෑ"
"ඇයි"
"හිතුවෙ නෑ තව"
"හිතනවද"
"බලමු..."
"මම යන්නද??"
"හා"
"කෝල් කරන්න..."
"හිතුනොත්...."
"ඕනෙම නෑ...."
"මම යනවා..."
"එන්නෙම නෑ...."
හෑමදාම කියන වචන ටික.......
තිගැස්සුන සමනලයා
ඈතට ගියා
"පව්...."
"මට හිතුනා....."
"ඈස් දෙකට කදුලු පිරුන..."
"ආයෙත් සුපුරුදු සුවද"
"ලගටම ඈවිත්"
"මම හැරිල බැලුව....."
"හොදට හිතල උත්තරයක් දෙන්න......"
ඔයා කිව්වා
“හා“
මම කිව්ව
දාල යන්න බැරි ලෝභ කමකින්....
සමනලයා ආයෙත් රෝස මල ලග....

ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර

2 comments:

  1. ලස්සනට ගලපලා.. ඇත්ත සීන් එකක් වෙන්න ඇති නේද?

    ReplyDelete
  2. දැන් ආයෙ සුවඳ දැණුනොත් අනිත් පැත්ත හැරිල ක්යන්න උත්තරයක් ඇති නේ.... :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...